Apr
17
කොළඹ කුණු නසන්න ගෝටා සැලසුම් කර තිබූ විශිෂ්ඨ මෙහෙයුම මෙන්න
විශාල ජීවිත ගණනක් අහිම් කරමින් සිය ගණනකට උන්හිටි තැන් නැති කරමින් කඩා වැටුනු මීතොටමුල්ලේ කුණු කන්ද සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ නාගරික සංවර්ධන හා ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක‍්‍රියාත්මක කරවීමට සියල්ල සූදානම් කර තිබූ සැලැස්ම
සම්බන්ධයෙන් විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා විසින් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.
වලක්වාගත හැකිව තිබූ මීතොටමුල්ලේ ඛේදවාචකය
අලුත් අවුරුද්ද උදාවූයේ මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටී ජීවිත ගනනාවක් නැති වූ අසුබ ආරංචිය සමගය. ජීවිත අහිමි වූවන් අතර වියත්මග ක්‍රියාකාරීනියක ලෙස අප හඳුනාගෙන සිටි මේනකා සේනාරත්න, ඇගේ සැමියා හා , වැඩිමහල් දරුවා සිටීම වඩාත් වේදනාකාරීය.
මීතොටමුල්ලේ කුණු කන්දට පලාතේ ජනතා විරෝදය එල්ල වන්නේ දීර්ඝ කාලයක සිටය. මෙම විරෝදතා ජනතා උද්ගෝෂන බවට පත්වන ආකාරයත් ඇතැම් තක්කඩි දේශපාලනඥයින් ඉන් දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ කරන ආකාරයත් මෑත කාලයේ මාධ්‍ය තුලින් දුටුවෙමු.
ඕනෑම වගකීමක් පසුගිය රජය කරපිට පටවා මඟ හැරීමට උත්සාහ කිරීම වර්ථමාන රජයේ පුරුද්දකි. සුපුරුදු පරිදි මීතොටමුල්ල කුනු කන්දේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා මත් පැටවීමේ පහත් ප්‍රයත්නයක් පසුගිය දිනවල සමහරක් වෙබ් අඩවි හරහා ක්‍රියාත්මක වූ අතර රජයට සම්බන්ධ සමහරක් දෙශපාලනඥයින්ද මෙයට උඩගෙඩි දෙනවා දක්නට ලැබුනි.
මෙය සම්පූර්ණ අසත්‍යයකි. මන්ද යත් මීතොටමුල්ල පොතුවිල් කුඹුර ප්‍රදේශයට කොලන්නාව හා මුල්ලේරියාව ප්‍රදේශයෙන් ගෙන එන කසල බැහැර කිරීම ආරම්භ වූයේ මීට බොහෝ කලකට එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ බැවිනි. මීට අමතරව කොලඹ නගරයේ කුණුද මීතොටමුල්ලට ගෙන ඒම ආරම්ඹ වූයේ 2008 වසරේදී කොළඹ නගර සභාව උසාවියෙන් ලබාගත් අවසරයක් මතය. ගෝඨාභය රාජපක්ෂ 2005-2009 කාලයේ දැරුවේ ආරක්ෂක ලේකම් තනතුර පමනක් වන අතර මිනීමරු ත්‍රස්ථවාදය පැරදවීමට සම්පූර්ණ අවධානය යොදාසිටි ඔහුට එදා කොළඹ නගර සභාවේ කුණු කසල ප්‍රශ්ණ කිසිසේත් අදාල නොවීය.
රටේ ඕනෑම නගරයක කුණු එකතුකිරීමේ වගකීම ඇත්තේ නගර සභාවටයි. ලංකාවේ විශාලතම නගරය වන කොළඹ නගරයේද ඒ එසේමය. කොළඹ නගර සභාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති අතර 1956 වී ඒ සුගතදාස මහතා එක්සත් ජාතික පක්ශයෙන් තරඟ කොට ජයග්‍රහණය කොට නගරාධිපති ලෙස පත්වූදා සිට අදවන තුරුම කොළඹ නගර සභාව පාලනය කොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. 2006 නගර සභා චන්දයේදී එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂක ලැයිස්තුව ප්‍රතික්ශේප වූ විටද බලය හිමිවුයේ එකසත් ජාතික පක්ෂයේ සහය ලද ස්වාධීන කන්ඩායමකටය.
මේ අනුව අද වනතුරුත් කුණු ප්‍රශ්නයට නිසි පිලිතුරක් නැත්තේ මන්දැයි යමෙක් පලමුවෙන්ම ප්‍රශ්ණ කලයුත්තේ කොළඹ නගර සභාව එදා මෙදාතුර පාලනය කොට ඇති එක්සත් ජාතික පක්ෂයෙනි.
ඒ කෙසේ වෙතත් 2009 වසරෙන් පසු කොළඹ කුණු ප්‍රශ්ණය විස්දන්නට ඍජුවම මැදිහත් වූ අයෙකු ගැන අපි සියලු දෙනාම දනිමු. ඒ 2010 වසරේ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් වරයා වශයෙන්ද අමතර රාජකාරියක් බාරගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. කුණු ප්‍රශ්ණය නගර සභාව විසඳන තුරු බලා නොසිටි ගෝඨාභය තමුන්ම ඒ ගැන සොයාබලා නිසි තීරණ ගෙන කොළඹ කුණු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කලේය. අපිරිසිදු නගරයක්ව තිබූ අගනුවර වසර කිහිපයක් තුල ආසියාවේ පිරිසිදුම නගරයක් බවට පත් කිරීමට ඔහුට හැකි වූයේ අනුන්ගේ වගකීම්ද කරට ගෙන රටට අවශ්‍ය දේ හරියට කරන පුරුද්ද නිසාය.
කුණු එකතුකිරීමේ තිබුනු ගැටලුව විසඳූ පසු ගෝඨාභයගේ අවධානය යොමුවූයේ කුණු බැහැර කිරීමේදී ඇතිව තිබුන ප්‍රශ්ණ විසඳන්නටය.
ඉතිහාසය පුරා කොළඹ නගර සභාව පුරුදුව සිටියේ එකතු කරගන්නා කුණු කොහේ හෝ තෝරාගත් පිටියක ගොඩගසන්නටය. එක තැනක ඉඩ මදිවූ විට කුණු පිටිය ලෙස වෙනත් තැනක් තෝරාගැනුනි. අද අපට බ්ලූමැන්ඩල් හා සේදවත්තේ දකින්නට ලැබෙන්නේ කලකට පෙර නගර සභාව ගොඩ ගැසූ කුණු කන්දවල්ය. දැනට වසර ගනනාවක සිට ප්‍රධාන වශයෙන්ම කුණු ගෙන යනු ලබන්නේ මීතොටමුල්ලටය. මේ වන විට මීතොටමුල්ලේ ගොඩ ගැසී ඇති කුණු ප්‍රමාණය ටොන් මිලියන ගනනක් වන අතර කුණුකන්ද පසුගිය දිනවල මීටර් 200කටත් වඩා ඉහලට ගොඩ ගැසී තිබුනි. අලුත් අවුරුදුදා අහිංසක මිනිසුන් පිරිසකගේ හිස මතට කඩාවැටුනේ එසේ ගොඩ ගැසී ඇති කුණු වලින් කොටසකි. මෙවන් හදිසි අනතුරක් සිදු නොවූනත් කුණු කන්දෙන් නිකුත්වන අපිරිසුදු වායු හා පොලව යට ජලය අපිරිසිදු වීම නිසා පලාතේ ජනතවගෙන් 90% කටවත් විවිධ ලෙඩ රෝග සෑදෙන බව රාජ්‍ය නොවෙන සංවිධාන මගින් කල පරීක්ෂණ වලින් දැනටමත් සොයාගෙන ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා මුලින්ම මීතොටවත්ත කුණු කන්ද ගැන අවධානය යොමු කරන්නේ 2010 වසරේදීය. ඒ වන විට කොළඹ නගර සභාව 2010 දී කුණු කන්ද පරීක්ෂාවට ගිය ගෝඨාභය රාජපක්ෂ මහත කොළඹ නගර සභාව වසර 3ක් පුරා ඉතා අක්‍රමිකව කසල ගොඩගැසීම නිසා කුණුගොඩ විශාල කන්දක් බවට පත්වෙමින් තිබෙන බවත් එය ප්‍රදේශවාසීනට අවදානමක් බවට පත්වන ආකාරය දැක වහාම යුධ හමුදාවේ සහාය ගෙන කුණු කන්ද ක්‍රමානුකූලව සමතලා කරන්නට කටයුතු කලේය. මීට අමතරව 2011 -2012 වර්ෂවලදී කුණු කන්ද වටා අගලක් කපා එය මිනිසුන් ජීවත්වන ප්‍රදේශයෙන් වෙන් කිරීමට කටයුතු කලේය. මීට අමතරව කුණු කන්ද ආසන්නයේම ජීවත්වන නිවාස හිමියන් 150 කට රජය විසින් අලුතින් සෑදීම ආරම්භ කර තිබූ තට්ටු නිවාස ව්‍යපෘතීන්ගෙන් නිවාස ලබාදීමට කොළඹ නගර සභාව සමග එකඟ තාවයකට පැමිනියේය. මේ නිවාසවල අයිතිය ලබාදුන්නේ නගර සභාවට වන අතර සුදුස්සන් තොරා ඒවා බෙදා හැරීමේ වගකීම නගර සභාවට පැවරිනි.
බොහෝකලකට පසු නාගරික සංවර්ධන අධිකාරිය හා කොළඹ නගර සභාව ඉතා සමීපව කටයුතු කරන්නට පටන් ගත් යුගයක් වුයේ 2010 -2014 ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි සමයයි. ඒ කාලයේ කොළඹ නගර සභාවේ කසල බැහැර කිරීමේ ගැටලුවට දීර්ඝ කාලීන පිලිතුරු සොයන්නට නාගරික සංවර්ධන අධිකාරියද විශෙෂ අවධානයක් යොමුකලේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත 2013-2014 කාලයේ කොළඹ හා තදාසන්න නගරවල කුණු බැහැර කිරීමේ ප්‍රශ්ණයට පිලිතුරක් සෙවීමට ලෝක බැංකුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්වී අධ්‍යයනයක නිරත විය. ලෝකයේ අනෙක් රටවල මේ ප්‍රශ්ණයට සොයාගෙන ඇති විවිධ විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
එම අධ්‍යයනයේ ප්‍රථිපලය වූයේ සමාන්‍යයෙන් යෝජනා කරණු ලබන කුණු දහනය කිරීම, කුණු වලින් පොහොර හෝ විදුලිය නිපදවීම වැනි කිසිදු ක්‍රමයකින් මෙම ගැටලුවට නිසි පිලිතුරක් නොලැබෙන බවයි. අවසාන විසඳුම ලෙස යෝජනාවූයේ ආසියාවේ බොහෝ දියුණු රටවල් විසින් භාවිත කරනු ලබන කුනු සනීපරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව බැහැර කිරීමේ ක්‍රමවේදයයි. මෙහිදී සිදුවන්නේ යමි පිටියක කුණු විවෘත්ව ගොඩගසනවා වෙනුවට ඒ වෙනුවෙන්ම සැකසූ ස්ථානයක විද්‍යාත්මක ක්‍රමයකට අසුරාලීමයි. මේ තුලින් විශවායු හා අපිරිසුදු ජලය පරිසරයට එක්වීම වලක්වා ගත හැකිය. දකුණු කොරියාව මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන රටකි.
මීලඟ අභියෝහය වූයේ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව කුණු බැහැර කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමයි. ඒ අනුව පුත්තලමේ කුරුක්කාල් ප්‍රදේශයේ කලකට පෙර සිමෙන්ති නිශ්පාදනයට ලයිම් ගල් ගැනීම සඳහා හාරා තිබුන විශාල වලවල් සහිත හෙක්ටයාර් 30ක පමණ විශාල භූමි භාගයක් මේ කටයුත්තට සුදුසු බව නිර්දේශ විය. මෙම ව්‍යාපෘතියෙන් පරිසරයට වන බලපෑම පිළිබඳ කල ශක්‍යතා අධ්‍යයනයකින් පසු මේ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කරණ ලදී.
එම යෝජනාවේ අන්තර්ගතය සරලව මෙසේය.
සනීපාරක්ෂක ක්‍රමවේදයකට අනුව කුණු බැහැර කිරීම සඳහා පුත්තල කුරුක්කාල් ප්‍රදේශයේ හඳුනාගෙන ඇත් හෙක්ටයාර් 30ක භූමිය දැනට කොළබ විවිද තැන්වල ගොඩගැසී ඇති ටොන් මිලියන ගනනාවක්වූ කුණු සියල්ලත් අනාගතයේ වසර පනහක පමන කාලයක් පුරා එකතුවන කුණු බැහැර කිරීමටත් ප්‍රමාණවත්ය. මේ ස්ථානය පිහිටා ඇත්තේ කොළඹින් කිලෝමීටර 170ක් පමන දුරින් නිසා කුණු ප්‍රවාහණය කරනු ලබන්නේ දුම්රියෙනි. මේ සඳහා විශේශයෙන්ම ගෙන්වූ අඩි 20 කන්ටේනර් වල අසුරන ලද කුණු මීතොටමුල්ලේ සිට කුරුක්කාල් දක්වා දුම් රියෙන් ප්‍රවාහනය කරන්යු ලබන අතර මීතොටමුල්ල භාවිත කරනු ලබන්නේ මෙම ක්‍රියාවලියේදී දිනක හෝ දෙකක කුණු පමනක් එකතුවන අතරමැදි ස්ථානයක් ලෙස පමනි. මීතොටමුල්ලේ දැනට ගොඩ ගැසී ඇති ටොන් මිලියන ගනනාවක කුණු වලින් නිදහස් වීමට මේ අනුව ප්‍රදේශවාසීනට හැකි වෙයි.
ලෝක බැංකුවේ සහාය ඇතුව මීතොටමුල්ල හා කුරුක්කාල් ප්‍රදේශ වල ජනතා නියෝජිතයයින් දකුණු කොරියාවට කැඳවාගෙන ගොස් සනීපාරක්ෂක ක්‍රමවේදයන්ට අනුව කුණු බැහර කරනා ආකාරය පෙන්වීමට නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාකලේය.
වකාලිකව කුණු එකතු කොට අසුරා පිටතට ප්‍රවාහනය කරන ස්ථානය තිබෙන්නේ සියොල් නගර මධ්‍යයේ බවත් විද්‍යාත්මකව සියල්ල සිදුවන නිසා ඉන් ප්‍රදේශවාසීනට හෝ පරිසරයට වන හානිය අවම බවත් ඔවුන්ට පෙන්වා දෙන ලදී. මුලින්ම කල මේ කරුණු පැහැදිලිකිරීම නිසා යෝජිත ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශවාසීන්ගෙන් විරොදතාවක් ඉදිරිපත් වූයේ නැත.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් කොටස් කිහිපයක් දුම් රිය මාර්ග පද්ධතියට එක්කිරීමට අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තුමේන්තුව වහාම ඒ සඳහා අවශ්‍ය සැලසුම සකස් කොට අවසන් කරන ලදී.
ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 107ක් හෙවත් රුපියල් බිලියන් 14 ක් 2014 අගෝස්තු 14දා එවකට තිබූ කැබිනට් මන්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව 2015-2017 වසර සඳහා අදාල වියදම ලෙස රුපියල් බිලියන් 10 ක මුදලක් 2014 නොවැම්බර් මස පසුගිය රජය මගින් ඉදිරිපත් කල කල අවසාන අයැවයෙන් අනුමත කරන ලදී
යුද්ධයෙන් පසු වසර 4 1/2 ක් තුල මේ රටේ සිදුවූ යෝධ සංවර්ධන ව්‍යාපෘතීන හා සසඳන විට කුණු බැහැර කිරීම සඳහා වූ මේ ව්‍යාපෘතිය වසරක් හෝ දෙකක් තුල අනිවාර්යෙන්ම නිම කිරීමට පසුගිය රජය හැකියාව තිබුන බව ඕනෑම අයෙකුට වටහා ගත හැක.
පසුගිය රජයට අවශ්‍ය වූ අකාරයට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවානම් විසදෙන්නේ මීතොටමුල්ලේ කුණු ප්‍රශ්ණය පමනක් නොවේ. එය සැලසුම් කර තුබුනේ කොළඹ මෙන්ම තදාසන්නන ප්‍රදේශ රාශියක් ඉලක්ක කරගෙනය.
සියලු සැලසුම නිමකොට තිබුනද ව්‍යාපෘතිය ආරම්ඹ කිරීමට පෙර 2015 ජනවාරි මාසයේ රජය වෙනස් විය. එතැන් සිට පසුගිය වසර දෙක පුරා අපට අසන්නට ලබෙන්නේ විවිධ බලධාරීන්ගේ කයිවාරුව පමනි. ව්‍යාපෘතිය පටන් ගත් තැනමය.
මීතොටමුල්ල අනතුරෙන් මියගිය අයට අපි නිවන් සුව පතමු. අපිරිසිදු පරිසරය නිසා රෝගී තත්වයට පත්වන පලාතේ ජනතාවගේ වේදනාව අපට දැනෙන නමුත් අපට ඒ ගැන කල හැකි දේ සීමිතය.
– නාලක ගොඩහේවා