Apr
09
දෙරණ තහනම් කිරීමේ සූදානමක්..?? අවසන් තීන්දුවට පෙර නිදහසට කරණු අසයි
දෙරණ රූපවාහිනිය විසින් විකාශණය කරන ලද පුවතක් හේතුවෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපයට හානි වීම, ජනාධිපතිගේ ප‍්‍රකාශයේ ආර්ථය විකෘති කිරීම ආදී කරුණු 05ක් සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනිය වරදකරු යයි ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන ලද කමිටුවක් විසින් තීරණය කර ඇත.
මේ නිසා ආයතනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර නිදහසට දින 14කට පෙර කරුණු දක්වන්නැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් දෙරණ ආයතනයේ ප‍්‍රධානියා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටී.
මේ අතර ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරන්නේ සිදු වීම චෝදනාවට වරදකරු වීම හේතුවෙන් දෙරණ නාලිකාවේ විකාශණ බලපත‍්‍රය අවම වශයෙන් තුන් මසක කාලයකට තහනම් කිරීමට ඉඩ ඇති බවයි.