Apr 11

සාම්ප්‍රදායික පෙම්වතුන් නෙවෙයි විවාහය කියන එක ප්‍රශ්නයක් කරගෙන නැහැ

දුෂ්‍යන්ත් වීරමන් කියන්නේ තියෙන දේ කෙළින් කියන කළාකරුවෙක්. ඔහු හිතන පතන විදියේත් තරමක අසාමාන්‍ය බවක් තිබෙනවා. නළුවෙක්, ගායකයෙක් විතරක් නෙමෙයි දක්ෂ නර්තන ශිල්පියෙකු ද වන දුෂ්‍යන්ත් ඔබට කියන්නට යන අලුත්ම ආරංචිය කුමක්ද?


දුෂ්‍යන්ත් අලුත් ගීතයකට එකතු වුණේ වසර දෙක තුනකට පස්සේ නේද?

ඔව්. මම නැට්ටුක්කාරී ගීතයට එකතු වුණේ සෑහෙන කාලෙකින්.

ඇයි ඒ?

අද පවතින රටාවත් එක්ක අනුගතවෙන්න බැරි හින්දා.

ඒ කිව්වේ?

අද තියෙන්නේ අඬන සිංදු. “මාව දාලා ගියේ ඇයි”. . . “ඔයා වෙනුවෙන් මම මලක් පූජා කරන්නම්” . . ඔන්න ඔය වගේ දේ තමයි අද ගීත තුළ තියෙන්නේ. බස් සිංදු අද නාලිකාවලටත් ඇවිත්. ඒවා ජනතාව අතරටත් ගිහින්. අලුත් ගීතයක් කරන්න මේ සුදුසු කාලය නෙවෙයි කියලා හිතුණ හින්දයි අලුත් ගීයක් නොකලේ

එතකොට දුෂ්‍යන්ගේ ඔබ මට හිමි නෑ ගීතය අඬන ගීතයක් නෙවෙයි ද?

ඒක අඬන ගීතයක්. මම අඬන ගීතයක් කළ ප්‍රථම හා එකම අවස්ථාව තමයි ඒ. රිගිං ටෝන්වලින් මගේ අනෙක් ගීතවලට සාපේක්‍ෂව වැඩිම මුදලක් ලැබුණේ ඔය ගීතයට. හැබැයි මම ආයෙමත් එවැනි ගීතයක් ගයන්නේ නැහැ.

දුෂ්‍යන්ත් ඇයි එවැනි ගීතවලට බනින්නේ?

මා කී දේ වැරදියට වටහාගන්න එපා. මම බැන්නේ නැහැ. කාලෙන් කාලෙට එක එක රටා එනවා. රූකාන්තගේ ගීත ශෛලයට ගී ගයන රටාවක් ආවා. භාතිය සන්තුෂ්ගේ ගීත රටාව ජනප්‍රිය වුණා. ඔය විදියට කාලෙන් කාලෙට එක එක රටා ආවා. මේ කාලේ රටාව තමයි ඔය මම කිව්ව ගීත රටාව. තව ටික කාලෙකින් ඒක යටපත් වෙලා තව රටාවක් එයි. මම කීවේ ඔය රටාව මගේ රුචිය නොවන හින්දා මම ඊට එකතුවන්නේ නැහැ කියලා විතරයි. ඒ හැරුණම මම ඒ ගීත රටාවට බණින්න යන්නේ නැහැ. ඊට කැමති විශාල පිරිසක් ඉන්න හින්දනේ ඒ ගී ජනප්‍රිය වන්නේ.

හැබැයි ඔය අලුත් සිංදුවලට බනින අයත් ඉන්නවා.

කාලෙන් කාලෙට බිහිවූ හැම ගීත රටාවක්ම වැළඳගත් අය හිටියා. බණින පිරිසකුත් හිටියා. ඒක තමයි ස්වභාවය. අපි ප්‍රවෘත්ති බුලුවත්, පත්තරයක් බැලුවත්, වැරදි මහලොකුවට කියවෙලවා. ඔය මිනිස්සු එකම එක හොඳක්වත් කරන්නේම නැද්ද?

ඒත් මාධ්‍ය තුළත් ඒ හොඳ දැම්මට ජනතා අවධානය ලැබෙන්නේ නැහැ. ජනතා අවධානය ලැබෙන්නේ වැරදි පෙන්නනකොට බණිනකොට, ඒකයි ඇත්ත.

දුෂ්‍යන්ත් රංගනයට ආවා. හැබැයි ඒ ගමන දුරගියේ නැහැ.

ටෙලි නාට්‍යවලට නම් මම මගේ වටිනා කාලය නාස්ති කරන්නේ නැහැ. මම චිත්‍රපටවලට ආවා. හොඳ දෙයක් කරන චේතනාව තිබුණා. ඒත් සිනමාව තුළ අද පවතින තත්වය දැක්කම කනගාටුවක් හිතට දැනෙන්නේ. ඒ නිසයි සිනමාවෙනුත් ඈත්වෙලා ඉන්නේ. සමහරු තමන්ගේ චිත්‍රපට පෙන්නන්න බැරිව අවුරුදු ගාණක් බලාගෙන ඉන්නවා. තවත් අයට විශේෂ අවස්ථ ලැබෙනවා. සිනමාව තුළත් අර්බුද ගොඩයි. හොඳ සිනමාවක් බිහිකරන්න බැහැ ඒ අර්බුද තියෙනකල්. ඒ හින්දා චිත්‍රපට ගැන උනන්දුව අඩුවුණා.

මේ වසරේවත් විවාහවෙන්න අදහසක් නැද්ද?

ඔබ ඇතුළු මාධ්‍යයට ඔය ප්‍රශ්නය අහන තරමට මම ඔය ප්‍රශ්ණය ගැන හිතන්නේ නැහැ.

ඔබේ පෙම්වතියත් ඒ ගැන හිතන්නේ නැද්ද?

අපි දෙන්නා සාම්ප්‍රදායික පෙම්පතුන් යුවළක් නෙවෙයි. අපි හිතන්නේ ජීවිතය දකින්නේ වෙනස් විදියට. අපි විවාහය කියන එක විශාල ප්‍රශ්නයක් කරගෙන නැහැ.

ආරියවංශ කුලතිලක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.