Mar
25
දරුවන් බේරන්න කෝටි දෙසීයක් සොයා රේස් පදින මාලගමුව
පසුගිය 03 වැනිදා සහ 04 වැනිදා ඩුබායිහිදී අවසන් වූ ලැම්බෝගිනි සුපර් ටේරා්ෆි ඊස්ට් චැම්පියන්ෂිප් සහ ඩුබායි ව්.ට්.ම්. හි ආවර්ස් එන්ඩියුරන්ස් යන තරගවලට ලොවපුරා ප්‍රකට මෝටර් රථ ධාවකයෝ රැසක් සහභාගි වූහ.
ඒ සෑම දෙනාගේම මෝටර් රථවල ඔවුන්ට අනුග්‍රහය දක්වන ලොව ප්‍රකට සමාගම්වල නම්, ගම් සහිත විස්තර අලවා තිබුණේය. ඒත් මෙම තරග දෙකටම සහභාගි වූ එක් ලැම්බොගිනි රථයකි.
එම රථයේ පමණක් ඊට ඉඳුරාම වෙනස් දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබුණේය. ඒ වෙළෙඳ දැන්වීමක් නම් නොවේ.
මෙම රථය ශ්‍රී ලාංකික අපට සුවිශේෂය. මක්නිසාද යත් එම ලැම්බොගිනි රථයේ අලවා ප්‍රදර්ශනය කර තිබූ දැන්වීම ලියා තිබුණේ සිංහල භාෂාවෙන්ය.
රථයේ හිමිකරුවා මෙන්ම ධාවකයා ඩිලන්ත මාලගමුවයි. ලෝක ප්‍රකට ශ්‍රී ලාංකීය මෝටර් රථ ධාවන ශූරයා ඔහුය. මුළු ලෝකයටම පෙනෙන්නට ඔහුගේ රථයේ සිංහල බසින් ලියා තිබුණේ ‘නිහතමානි ශ්‍රී ලාංකිකයෝ’ යන්නයි. ඊට යටින් ‘ඹ්ඪබබතඥ ඩ්ඥචපබඵ සංවිධානය මගින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකෙරෙන ළමා හෘද රෝග දැඩි සත්කාරක ඒකකයට ඔබේ සහාය ලබාදෙන්න’ යන පාඨයද ලියා තිබුණි.
සිංහල භාෂාවෙන් මෙසේ සටහන් කර තිබූ රථය ඩුබායි ලැම්බොගිනි සුපර් ටේරා්ෆි තරගයේ තුන්වැනි තැනත්, ඩුබායි ව්.ට්.ම්. ත්‍රී අවර්ස් එන්ඩියුරන්ස් තරගයේ පළමුවැනි තැනත් දිනා ගත්තේය. එදා තරගය බැලීමට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඩිලන්ත මාලගමුවට ලැබුණේ ඉතා උණුසුම් ප්‍රතිචාරයකි.
“මට ඒ අයගෙන් දැඩි උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණේ. ධාවනය අතරතුරේදිත් මට ඇහුණා ඒ අය ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා කියලා කෑගහනවා. සිංහ කොඩිය වනනවා දැක්කා. සතුට වැඩිකමට මගේ ඇස් දෙකෙන් කඳුළු පැන්නා” ඩිලන්ත මාලගමුව කියන්නේය.
ඉහත සඳහන් කළ පරිදි ඩිලන්තගේ මෝටර් රථයේ රිජ්වේ ආර්යා රෝහලේ හෘද ළමා රෝග සහ දැඩි සත්කාරක ඒකකය ගොඩනැගීම සඳහා ආධාර කරන ලෙස අලවා තිබූ දැන්වීම පිළිබඳවද අපි ඔහුගෙන් විමසුවෙමු.
“ලංකාවේ පුංචි දරුවෙකුට දරුණු හදවත් රෝගයක් නිසා සැත්කමක් කරන්න අවශ්‍ය වෙලා තිබුණා. මේ සැත්කම ලංකාවේ කරන්න බැහැ. ඒ සඳහා සිංගප්පූරු ගෙන යා යුතුයි කියලයි වෛද්‍යවරු මුලින් කියලා තිබුණේ. ඒත් ඒ සඳහා ලක්ෂ තුන්සීයක් වගේ ලොකු මුදලක් වැයවෙන බවට ඇස්තමේන්තු කරලා තිබුණා. අර දෙමාපියන්ට මේ මුදල දරාගන්න බැහැ. ඒත් එහෙම කියලා දරුවගේ ජීවිතේ අතහරින්නත් බැහැ. මේ තත්ත්වය අනුව අර දෙමාපියන් බොහොම අපහසුවකට පත්වෙලා ඉන්න වෙලාවේ එක්තරා ළමා හෘද ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා තියෙනවා මේ සැත්කම ලංකාවෙදි කරමු, කරන්න පුළුවන් කියලා. පස්සේ ඒ සැත්කම ලංකාවෙදි කරලා සාර්ථක වුණා. ඊට පස්සේ තමයි මේ ‘ලිට්ල් හාට්ස්’ ඹ්ඪබබතඥ ඩ්ඥචපබඵ (පුංචි හදවත්) කියලා සංවිධානයක් පිහිටුවාගෙන ළමා හෘද රෝග දැඩි සත්කාර ඒකකයක් පටන් ගන්න ඕනෑ කියන පදනම වැටුණේ” සිය මෝටර් රථයට සිංහල බසින් ඉහත කී ස්ටිකරය පැමිණි හැටි ගැන මාලගමුව පැහැදිලි කළේය.
මෙවැනි සද්කාර්යයකට සම්බන්ධ පණිවිඩය ලොවට ගෙන යන්නට සැදැහැ සිතින් පෙරමුණට ආ ඩිලන්ත මාලගමුව මෝටර් රථ තරගවලින් ලොවම ජයගත් ශ්‍රී ලාංකිකයෙකි. මේ වනවිට ලොවපුරා ප්‍රකට මෝටර් රථ ධාවන තරගවලදී පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන එකසිය හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් දිනාගෙන වාර්තාවක්ද පිහිටුවා ඇත්තෙකි.
ළමා හෘද රෝග දැඩි සත්කාර ඒකකයක් පිහිටුවීම සඳහා වැයවෙන මුදල රුපියල් බිලියන දෙකකටත් අධික බව කියැවේ. දැන් ඒ ඉලක්කය හඹා යෑමට පය ගසා සිටින ඩිලන්ත මාලගමුව මෝටර් ධාවනය ඔස්සේ සිය ඉලක්කයට ගිය කතාවද අපූරු එකකි.
1963 වසරේ ඇතුගල් පුරවරයේ උපන් ඩිලන්ත මාලගමුව කුරුණෑගල ශාන්ත ආනා සහ මහනුවර ත්‍රිත්ව යන විද්‍යාලවල ආදි ශිෂ්‍යයෙකි. කුඩා කල සිටීම මෝටර් බයිසිකල්, මෝටර් රථවලට ඇලුම් කළ ඔහු මුලින්ම මෝටර් රථ තරගයක් සඳහා ඉදිරිපත් වූයේ වයස අවුරුදු දහසයේදීය.
“ඒ තරගය තිබුණේ කටුකුරුන්දේ. බයිසිකලය අරන් දුන්නේ තාත්තා. ඒත් අම්මවත්, තාත්තාවත් මම රේස් පදිනවාට ඒ තරම් කැමැති වුණේ නැහැ. ඒ තරගයෙන් දිනුවට පස්සේ වුණත් ඒ අකමැත්ත ඉවත් වුණේ නැහැ” ඔහු කියන්නේය.
තම පුත්‍රයා රේස් පදිනවාට දෙමාපියෝ අකමැති වූහ. එසේම ඊට පෙර පරම්පරාවේ කවුරුන් හෝ මෙම ක්ෂේත්‍රයට පය ගසා තිබුණේද නැත.
“අපේ පවුලේ කෙනෙක්වත් රේස් පැද්දේ නැහැ. මට වයස අවුරුදු දා හතරෙදි මම ඇමෙරිකානු චිත්‍රපටයක් බැලුවා ‘සිල්වර් ඩී්‍රම් රයිඩර්’ කියලා. ඒක දැක්කට පස්සේ තමයි මටත් රේස් පදින්න හිතුණේ” තම අනාගත ජීවිතයට පදනම වැටුණු අයුරු ඩිලන්ත මාලගමුව පැහැදිලි කළේය.
ඩිලන්ත පළමු වතාවට විදේශ තරගයකට සහභාගි වුණේ 1983 අවුරුද්දේය. ඔහු ඊට ඉදිරිපත් වන මොහොතේද දෙමාපියෝ අකමැත්ත නොදුන්හ.
“අම්මා, තාත්තා කිව්වෙම රේස් පදින්න එපා කියලා. ඒත් මම කොහොම හරි කැමැත්ත අරගෙන ගියා තලෙයිමන්නාරමට. ගිහින් බයිසිකලයත් අරගෙන නැවෙන් රාමේෂ්වරන්වලට ගිහින් තමයි මැඩ්‍රාස්වලට ගියේ. මැඩ්‍රාස්වලයි, කල්කටාවලයි තමයි රේස් තිබුණේ.”
එම තරගයට සහභාගි වූවන් අතර පරණම බයිසිකලය පැද්දේ ඩිලන්තයි. නමුත් ඔහු එහිදී සුවිශේෂ දක්ෂතා පෙන්වූයේය. ඒ සමගම මෝටර් රථ තරගවලටද පිවිසියේය.
“මැඩ්‍රැස්වලදී මට ජපන් ජාතිකයෙක් මුණ ගැහුණා. ඔහුත් රේස් පදින කෙනෙක්. මගේ දක්ෂතා අගය කරපු එයා මට ජපානෙට එන්න කියලා ආරාධනා කළා. ඒ වගේම එයා කිව්වා ඇමෙරිකාවේ හරි යුරෝපයේ හරි රේස්වලට පදින්න කියලත්. කොහොම හරි මේ අතරේ මම ලංකාවේ තවත් තරගවලට පැද්දා. 1997 අවුරුද්දේදි පළමු වතාවට ජපන් තරගාවලියකට ගියා. ඒ වතාවෙත් මම ජපානයට ගියේ රුපියල් 4000ක් වගේ සුළු මුදලක් අතේ තියාගෙනයි. එහෙදි මම ෆෝමියුලා 3000 කියන තරගයට සහභාගි වෙලා ජයග්‍රහණය කළා. මම ජයග්‍රහණය කළාට පස්සේ ජපානයේ ව්ඩ්ම් රූපවාහිනී ආයතනයට මම ගැන වාර්තා වැඩසටහනක් කළා. ඒ වැඩසටහන අතරෙදි අර ඉන්දියාවෙදි හමුවුණ ජපන් ජාතිකයාවත් ඒ අය මට මුණ ගැස්සුවා. මීට අවුරුදු දාහතරකට කලින් ආධුනිකයෙක් හැටියට දැකපු උඹ අද මටත් වඩා ජනප්‍රිය වෙලා ඉන්න එක ගැන මට හරිම සතුටුයි කියලා ඔහු මට සුබ පැතුවා.”
එසේ සිය මෝටර් රථ තරග ජීවිතය ආරම්භ කළ ඩිලන්ත ට පසුව දෙමාපියන්ගේ ආශීර්වාදයත්, පසුව මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම ආශීර්වාදයත් ලැබිණි. ඒ නිසාම ඔහු තව තවත් දිරිමත් විණි. වැඩි වැඩියෙන් තරගවලට සහභාගි වෙත්ම වැඩි වැඩියෙන් අත්දැකීම් ලැබුණි. ඒ අත්දැකීම් ඔස්සේ පන්නරය ලැබුණි.
පසුගිය විසි වසරක කාලය පුරාම ලෝකය පුරාම පැවැති තරගවලින් 170ක්ම ජය ගැනීමට ඔහුට හැකිවූයේ ඒ ආශිර්වාද, අත්දැකීම් හා ඉලක්කය කරා හඹා යෑමේ ධෛර්යය නිසාය.
“මේ ජයග්‍රහණ එකසිය හැත්තෑව වාර්තාවක්. ආසියානුකරේ කිසිම මෝටර් රථ ධාවකයෙක් මේ තරම් තරග ගණනක් දිනලා නැහැ” ඔහු කියන්නේ එක්තරා ආඩම්බරයකිනි. ඔහුගේ මේ ජයග්‍රහණ අතරේ ශූරතා හයකි, අනු ශූරතා අටකි. පසුගිය වසරේ (2016) ෆෝමියුලා ලැම්බෝගිනි ආසියානු ශූරතාව දිනුවේද ඩිලන්තය. ආසියානු ශූරතාවය යැයි කීවාට මෙම තරගාවලිය සඳහා ලෝකයේ සෑම රටකින්ම පාහේ ප්‍රධාන පෙළේ ධාවකයෝ සහභාගි වෙති.
මේ ජයග්‍රහණ කන්දරාවත් සමග ඩිලන්ත මාලගමුව යනු දැන් ලොව ප්‍රකට මෝටර් රථ ධාවන ශූරයෙකි. මෝටර් රථ ධාවන ලෝලීන් අතර තරුවකි. ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ ලාංකික පුත්‍රයෙකි.
“මේ තරම් තරග දිනලා තිබුණත් මට රජයෙන් කියලා කිසිම අනුග්‍රහයක් ලැබිලා නැහැ. එස්.බි. දිසානායක මහත්තයා ක්‍රීඩා ඇමැතිවරයා කාලේ එක වතාවක් ලක්ෂ විස්සක් දුන්නා. තවත් වතාවක් තොණ්ඩමන් ඇමැතිවරයා හයිලන්ඩ් සමාගමේ අනුග්‍රහය අරන් දුන්නා. ඒ ඇර වෙන කිසිම අනුග්‍රහයක් මට ලැබිලා නැහැ.”
කෙසේ වෙතත් දැන් ඔහුට ලාෆ් සමාගමේ සන්නාම තානාපති තනතුර ලැබි තිබේ. ඒ සමගම දැන් ඔහුගේ ප්‍රධානතම බලාපොරොත්තුව ළමා හෘද රෝග දැඩි සත්කාර ඒකකය ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන අරමුදල් එක්රැස් කරදීමයි.
“මේ හෘද රෝග ඒකකය පටන්ගත්තට පස්සේ අවුරුද්දකට ළමයි 10,000කට විතර ප්‍රතිකාර කරන්න පුළුවන්. මේ නිසා ශල්‍යකර්ම සඳහා වෙනත් රටවලට යන ලාංකිකයන්ගේ මුදල් විශාල ප්‍රමාණයක් මේ රටේම ඉතිරි වෙනවා. ඒ වගේම මේ රටේ අහිංසක දරුවන් විශාල ගණනකගේ ජීවිත බේරගන්නත් අපට පුළුවන් වෙනවා. රුපියල් බිලියන දෙකක් හොයලා දෙන එකයි මගේ ප්‍රධානම අරමුණ. කලින් මම රේස් පැද්දේ තනියම. ඒත් එහෙම දිනන්න දැන් අමාරුයි. ඒ නිසා දැන් මගේ ‘ඩිලංගෝ රේසිං’ කියලා කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමට ඉන්දියන් ජාතිකයෙක්, ජපන් සහ මැලේසියන් ජාතිකයන් දෙදෙනෙක්, ඉතාලි ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකිකයකු වන අශාන් සිල්වාත් ඇතුළත්. අපේ කළමනාකරු රුක්ෂාන් මුණසිංහ. මේ අයගේ පූර්ණ සහයෝගයත් දැන් මට මේ ‘ලිට්ල් හාට්’ වැඩසටහන සඳහා ලැබෙනවා. ඒ නිසා තවත් අවුරුද්දක් ඇතුළත මේ සඳහා අවශ්‍ය වන මුදල් හොයලා දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා” ඔහු දැඩි විශ්වාසයකින් කියන්නේය.
“එසේම මැදපෙරදිග වගේම ලෝකය පුරා විසිරිලා ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙනුත් මම ඉල්ලා සිටින්නේ අපේ මව්බිමේ නිරෝගිමත් අනාගතයක් ගැන හිතලා මේ සඳහා උපකාර කරන්න කියලයි” ඔහු ඉල්ලීමක්ද කරන්නේය.
උපාලි තිලකරත්න (මුලාශ්‍ර - රිවිර)