Mar 03

ඝාතනයට පෙර සමයං හා අංගොඩ ලොක්කා අතර වූ දේ හෙළිවෙයි

‘‘ලෝකේ කොහේ හිටියත් මම උඹ සති දෙකක් ඇතුළත මරල දානවා පුළුවන්නම් පරිස්සම් වෙයන්‘‘යනුවෙන් පසු ගියදා බන්ධනාගාර බස් රථයේ දී ඝාතනයට ලක් වු සමයං නමැති පාතාල නායකයා අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාට මරණීය තර්ජක එල්ල කර තිබු බවත් ඊට පළි ගැනීමක් වශයෙන් අංගොඩ ලොක්කාගේ කල්ලිය සහ ඔහුගේ හිතවත්තු බව කියන දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු වු මදූෂ නමැත්තාගේ කල්ලිය එකට එකතු වී සැලසුම් සහගතව මේ ඝාතනය කර ඇති බවට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් හෙළිකරගෙන තිබේ.

ඒ අනුව මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අතරින් දස දෙනකුට වැඩි පිරිසක් මේ වන විට හඳුනාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ඝාතන කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා රට පුරා පොලිස් කණ්ඩායම් පහක් තවත් පොලීසි ගණනාවක සහාය ඇතිව පුළුල් මෙහෙයුමත් කර ගෙන යන අතර පොලිසියෙන්බේරීම සඳහා ඔවුන් තැනින් තැනට පළා යමින් සැඟවෙමින් රටින් පළා යාමට උත්සාහ කරන බවද හෙළි වී තිබේ .

ඔවුන්ට කිසිසේත් රටින් පළා නොහැකි වන පරිදි කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවලත්, සියලුම හොර මුහුදු මාර්ගවලත් ආරක්ෂඛ විධිවිධාන තර කර තිබේ.

මේ අතර මොවුන්ගේ නම්වලට ව්‍යාජ නම් යොදා හොර රහසේ ව්‍යාජ විදෙස් ගමන් සකස් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද තොරතරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වයි.
සමයං ඝාතනයට අංගොඩ ලොක්කාගේ සහ මදූෂගේ පාතාල කල්ලි දෙකේම සාමාජිකයන් අඩුම වශයෙන් පහළොවකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වී ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

මීට වසර කිහිපයකට පෙර දකුණේ පාතාල කණ්ඩායමක් දකුණු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයතු වු ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කර තිබුණි.

එම ඝාතනය සමයං ඝාතනයට සහාය වී ඇති මදූෂ නමැති පාතාල නායකයා සිදුකර ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.

එම සිද්ධියෙන් පසු මෙරටින් පළා ගොස් සිටි මදුෂ නමැත්තා යළි මෙරටට පැමිණ ඇතැයි ද පොලිසිය විශ්වාස කරයි.

මෙම ඝාතන සැලසුමට සම්බන්ධ සැකකරුවන් කොටුකර ගැනීමට අද හෙටම හැකි වෙන බවද පොලිසිය පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.