Mar
13

ඇය කුඩා කාලයේ සිටම ෂාරුක්ගේ චිත්‍රපටවලට ආදරය කළ බව ඇය සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යයට හෙළි කළා. ආනන්ද් එල්.රායිගේ අලුත්ම චිත්‍රපට නිර්මාණයට ෂාරුක් සමඟ රංගනයට අවස්ථාවක් ලැබීම ගැන ඇය අදහස් පළ කර තිබුණේ සතුටින්.
"ෂාරුක් කියන්නේ මම ගොඩක් ආදරය කරන නළුවෙක්. මම පොඩි කාලෙ ඉඳන්ම ෂාරුක්ගේ චිත්‍රපටවලට කැමතියි. Dilwale Dulhania Lejayenge අදටත් මතකයේ තියෙන හරිම ලස්සන චිත්‍රපටයක්. මම ෂාරුක් සර්ගෙන් ඇහුවා මට ඔහුත් එක්ක රගපාන්න ආනන්ද් සර්ගෙ නිර්මාණයේ අවස්ථාවක් ගන්න පුළුවන්ද කියලා."
ඒත් ෂාරුක් වගේ සුපිරි තරුවකගේ දුවගේ හෝ සොහොයුරියගේ චරිතයකට පෙනී සිටින්නට ඇයගේ කැමැත්තක් නැති බව තමයි මේ අදහසින් තේරුම් ගියේ. මේ නිසාම ස්වරාට විහිළුවක් කරන්න හිතාගෙන අධ්‍යක්ෂවරයා මෙහෙම කියලා තිබ්බා. "මට ඔයාට දෙන්න පුළුවන් ෂාරුක්ගේ අම්මගේ චරිතය විතරයි"
මේ කියමනට ඇයටත් ටිකක් තරහා ගියා. මේ සිදුවීමත් ඇය මාධ්‍ය සාකච්ඡාවේදී මතක් කළේ අමිහිරි සිදුවීමක් විදියටයි. කොහොම වුණත් ෂාරුක්ගෙ පෙම්වතිය වෙන්න හීන මවපු ස්වරාගෙ හිත මේ කතාවෙන් නම් හොඳටම රිදිලා.