Mar
25
බන්ධනාගාරයෙන් වෙඩි නොවදින බසයක්

මෙම බස් රථය නිර්මාණය කර ඇත්තේ කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරී ආර් ඩබ්ලිව් ඩබ්ලිව් යූ ඩී ඒ සම්ප්‍රයෝ මහතාගේ සංකල්පයක් අනුවය. බන්ධනාගාර භාවිතයේ තිබූ බස් රථයක් නවීකරණය කරමින් මෙම වෙඩි නොවදින බස් රථය නිර්මාණය කර ඇත.
මෙවැනි බස් රථයක් විදේශයකින් ආනයනය කළේ නම් රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය වන බවත්, මෙම බස් රථය නවීකරණය කිරීම සඳහා වැයවූයේ රුපියල් ලක්ෂ 7ක මුදලක් බවත් බන්ධනාගාර අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.