Mar
16
නැව බේරගන්න ඇවන්ගාඩ් ලොක්කා සුදානම්

පසුගිය කාලයේ තමාගේ නමට ඇති වී තිබෙන චෝදනා හමුවේ රටට මුහුණ දීමට පවා අසීරු වී ඇති වුවත් ඕනෑම වේලාවක තම රට වෙනුවෙන් අපහසුතාවයට පත් ලාංකීකයන් මුදා ගැනීම සඳහා තමා ඉදිරිපත් වන බව ද සභාපතිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේ ය.
2011 වසරේ සිට 2016 වසර දක්වා මුහුදු කොල්ලකරුවන් මැඩ පවත්වා ගැනීම සඳහා ක්‍රමවේදයන් තමන් දියත් කර ඇති බවත් ඒ අත්දැකීම් තුළින් අද ඇතිව තිබෙන තත්ත්වය නිරාකරණය කිරීමට පියවර ගත හැකි බවද සේනාධිපති මහතා පැවසීය.
එම කටයුතුවල ඇති රහස්‍යභාවය හේතුවෙන් එම කටයුතු හෙළි කිරීම අපහසු වන බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර වාණිජ නෞකාවල ආරක්ෂාව වෙනුවෙන් ආයුධ රැගෙන යා හැකි බව ද සභාපතිවරයා තව දුරටත් කියා සිටියේ ය.
- දෙරණ