Feb 19

රිතූට ආදරේ කරන්න එක්කෙනෙක් කියලා නැහැ කියන්නේ

රිතූ ආකර්ෂා නමේ හැටියටම ආකර්ෂණීය චරිතයක්. කලෙකින් හමුවුණු රිතූ කියූ කතා අහුරක් මේ.

රිතූ හුඟක් කාර්යබහුලයි වගේ?

ඔව්. හුඟක්ම බිසී. ටෙලි නාට්‍ය 4ක රූපගතකිරීම්වලට සහභාගි වෙනවා. විවේකයක් නැති තරමයි. ගෙදර මිනිස්සු මාව දකින්නෙත් කලාතුරකින්.


නිතර පේන්න නැතිවුණාම ගෙදර අය දොස් කියන්නෙ නැද්ද?

අ‍පෝ නැහැ. මම ගෙදර නැතිවෙන තරමට ගෙදර මිනිස්සු කැමැතියි. මොකද මම ගෙදර නැත්නම් ගෙදර රණ්ඩු නැහැ.

රඟපෑම ‍ලේසි රස්සාවක්ද?

අමාරුම රස්සාවක්. දෙබස් මතක තියාගෙන, ලයිට් ගැන අවබෝධය ඇතුව, හරිම මූඩ් එකට ඇවිල්ලා රඟපානවා කියන්නේ අමාරු වැඩක්. ඒත් ලෝකේ වාසනාවන්තම රස්සාවත් මේක කියලයි මම හිතන්නේ.

ඇයි ඒ?

පැය 8ක රස්සාවෙන් ලැබෙනවට වඩා ලොකු තෘප්තියක් මට මේ රැකියාවෙන් ලැබෙනවා. මිනිස්සු අපට සලකනවා. ආදරේ කරනවා. එතකොට සතුටුයි.

හැබෑ ජීවිතේදිත් රිතූ රඟපානවද?

අ‍පොයි ඔව්. අනන්තවත් රඟපානවා. වැඩිපුරම රඟපාන්නේ අම්මා ඉස්සරහදී.

ගෙදර දී රඟපාන්නේ ඇයි?

ෂූටින් ගිහිල්ලා ආවම බොරුවට මහන්සියි වගේ රඟපානවා. එතකොට අම්මා හැමදේම අතට පයට ගෙනැත් දීලා මට සලකනවා. සැලකුම් ලබාගන්න ඕන වුණාම තමයි ඉතින් රඟපාන්නේ.

ඒ වගේම මේ බිසී ලයිෆ් එක ඇතුළේ මිනිස්සුන්ගේ හිත් රිද්දන්නේ නැතුව ඉන්න බොරු කියන්න සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා. මම විතරක් නමෛයි හැම නිළියක්ම එහෙමයි.

පාර තොටේ යනකොට හොඳ ප්‍රතිචාර ලැබෙනවද?

ඔව්. ලංකාවේ නිළියෝ කොයි තරම් ඉන්නවද. ඒත් නම කිව්වම අඳුනන නිළියෝ ඉන්නේ ටික දෙනයි. ඒ කිහිප දෙනා අතරේ මමත් ඉන්නවා කියලා මම දන්නවා.

කලා ක්‍ෂේත්‍රයේ ගෙවීම් හොඳයිද?

හොඳයි. මට නම් මම ඉල්ලන ගාන ලැබෙනවා. හැබැයි ඉතින් දවස් දෙකක වැඩ එක දවසින් කරගන්න ඕන වෙන අයත් නැතුවම නොවෙයි.

අද කා‍ලේ නිළියන්ට ඉස්සර කා‍ලේ නිළියන්ට තරම් රඟපාන්න බැරිද?

මොකද බැරි. රඟපෑමට ගෙවීම් මීට වඩා හොඳ වෙනවා නම් මීටත් වඩා වැඩියෙන් දක්ෂයෝ කලාවේ රැඳෙනවා. සැපයුමේ ප්‍රමාණය තීරණය වෙන්නේ ඉල්ලුමට ලැබෙන මිල අනුවයි.

හුඟක් නිළියන් රඟපෑමට අමතරව ව්‍යාපාර කරනවා. රිතූත් එහෙමද?

ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා මම හැමදාම හිතනවා. මොකද මම දන්නෙ නැහැ මගේ මාකට් එක කවදා වෙනකල් පවතීවිද කියලා. ඒ නිසා මේ ස්ථාවරව ඉන්න කාලෙදිම ව්‍යාපාරයක් පටන් ගන්න ඕන.
තවම ඒක කරගන්න බැරිවුණේ කාර්යබහුල වැඩි නිසයි. මම මොන විදියේ ව්‍යාපාරයක් පටන් ගනීවිද කියලා තවම මමවත් දන්නේ නැහැ.

රිතූ ලැබෙන හැම චරිතයක්ම භාරගන්වද?

අ‍පෝ නැහැ. මම රඟපාපු ප්‍රමාණයට වඩා ප්‍රතික්‍ෂේප කරපු චරිත ප්‍රමාණය වැඩියි.

ආදරේ කරනවද?

ඔව්.

කාටද?

ගෙදර අයට, යාළුවන්ට, නෑදෑයන්ට ඒ වගේම මගේ ප්‍රේක්ෂකයන්ට.

එතකොට අර දේශපාලන පෙම්වතාට?

ඒ කවුද.. මම දන්නෙ නෑ ඒ කවුද කියලා.

තවම පෙම්වතෙක් නෑ කියලද ඔය කියන්න යන්නේ?

ආදරේ කරන්න ඉතින් එක්කෙනෙක් කියලා නෑ. හුඟ දෙනකුට මම ආදරේ කරනවා. ඒ මගේ හිතවත්තු.

ඇත්ත කිව්වොත් ජනප්‍රියකම අඩුවේවි නේද?

නැහැ. මට විවාහයක් ගැන හිතන්න තරම් හොඳ කෙනෙක් තාම හමුවෙලා නෑ. එහෙම කෙනෙක් හොයන එක නොමළ ගෙයකින් අබ හොයනවා වගේ තමයි.

විවාහය ගැන තියෙන සැලසුම මොකක්ද?

දැන් මගේ වයස විසි හතයි. තව අවුරුදු දෙක තුනක් ඇතුළත බඳින්න ඕන. මේ ලෝකෙ කවුරුත් ගැළපෙන අය නැහැ. අඩුපාඩු ගළපාගෙන හොඳින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයනවා.

සඳමාලි වර්ණසූරිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.