Feb 17

ගූගල් ලූන් රට හැර යෑමේ අවදානමක්

ගූගල් බැලූනයේ ව්‍යාපෘතිය සඳහා විදුලි සන්දේශ නියාමන කොමිසම මඟින් සංඛ්‍යාත නිකුත් නොකිරීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවට එම ව්‍යාපෘතිය අහිමි වීමේ අවදානමක් පවතින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ගූගල් ලූන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමානයේ දී එල්ල වී ඇති ඇතැම් විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අද (16) දින කැඳවන ලද මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය.

‍මෙම ව්‍යාපෘතිය සඳහා මෙගා හර්ට්ස් 700 සංඛ්‍යාත නිකුත් කීරීමේ නීතිමය බාධාවක් පැන නැඟී ඇති බවත් මේ සඳහා මහජනතාවගේ මුදල් කිසිදු අයුරකින් භාවිතා නොකළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ගූගල් ව්‍යාපෘතිය ලංකාවට පැමිණියේ චමත් පලිහපිටිය හරහා බවත් මෙම ගූගල් ආයතනයේ නව සොයා ගැනීමෙහි නියමු ව්‍යාපෘතියක් ලංකාවට හඳුන්වා දීමට උත්සහ කළ අතර එහි කොටස්කරුවෙක් වීමෙන් එකවර මුළු ලංකාවටම 4G තාක්ෂණය ලබා දීමට අපේක්ෂා කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

ටෙලිකොම් මෑන් පවර් සේවකයින් ආයතනයට අන්තර්ග්‍රහණය කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවත්, මේවන විට මෑන් පවර් සේවකයින් 2181ක් සිටින බවත්, මොවුන් අන්තර්ග්‍රහණය කිරීමේ කටයුත්ත අදියර 3ක් යටතේ සිදුකරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මූලාරම්භයේදී වයස අවුරුදු 35 ක සීමාවක සිටින පුද්ගලයින් පමණක් බඳවා ගැනීමට තීරණය කර තිබුණත්, පසුව එම වයස් සීමාව අවුරුදු 47 දක්වා දීර්ඝ කළ බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව අවුරුදු 7ට වඩා වැඩි කාලයක් මෑන් පවර් සේවකයින් ලෙස ටෙලිකොම් ආයතනයේ සේවය කළ පිරිස් මූලින්ම බඳවා ගනු ලබන බවත්, ඒ අනුව 2017 වසරේදී 300ක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බවත්, අනතුරුව වසරකට 200ක පමණ පිරිසක් බඳව‍ා ගනිමින් අවුරුදු 3ක කාලයක් තුළ මෙම ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ටෙලිකොම් යනු ලැයිස්තු ගත සමාගමක් බැවින් ආණ්ඩුවකට හිතුමතේ කටයුතු කළ නොහැකි බවත්, එහි තීන්දු තීරණ ගත යුත්තේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.