Feb
19
මාතර සුජාතාවත් එක්ක බුද්ධික හැප්පුණේ ඇයි

මම හොඳින්.
මොකටද මේ තනියෙන් පිකටින් කරන්නේ?
ඒක වන් මෑන් ෂෝ එකක්. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් කරපු එකම ඒක පුද්ගල විරෝධතාව.

ඒකට හේතුව මොකද්ද?
පසුගිය රජය කාලයේ සිටම මාතර සුජාතා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ ගුරුවරු කිහිප දෙනෙක් පාසලට ළමයි ඇතුළු කිරීමේදී සහ පාසලේ විවිධ වැඩසටහන් නාමයෙන් විශාල වශයෙන් මුදල් එකතු කිරීමේ කාර්යයක නිරත වෙනවා. ඒකට විරුද්ධවයි මම උද්ඝෝෂණය කළේ.
ඔය කාරණා ඉහළ නිලධාරීන්ට දැනුම්දීලා නීතිමය දෙයක් කරන්න තිබුණනේ?මම විතරක් නෙවෙයි මවුපියෝ පවා අදාළ නිලධාරීන්ට දැනුම්දීලා තියෙනවා. ඒත් පලක් වෙලා නැහැ. මම මේ ගැන පාර්ලිමේන්තුවේ පවා කතා කළා. වරක් හිටපු ජනාධිපතිතුමා ජනාධිපති කාලයේ සුජාතා විද්‍යාලයට ආවා. ඒ ඇවිත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සුජාතා විද්‍යාලයට සල්ලි දුන්නා. ඒත් පාසලේ බලධාරින් ළමයකුගෙන් රු. 3,500 ගාණේ එකතු කළා පාසල් සංවර්ධන කටයුතුවලට කියා. දැනටමත් 1,800 ගණනේ එකතු කරනවා. මේ එකතු කරන කිසිදු මුදලකට රිසිට් පතක් ලබා දෙන්නේ නැහැ.
රුපියල් 1,800ක් එකතු කරන්නේ මොනවටද?
විවිධ කාරණා ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි ටෙන්ඩර් දාලා කරන වැඩවල ප්‍රගතියක් නැහැ. පාසලේ ගෙවත්තක් තියෙනවා. ඒ ගෙවත්තේ වැවෙන එළවළු මේ විකුණා ගන්නවා. මේ ගුරුවරයා උපාධිධාරියෙක්. ඇවිත් තියෙන්නේ විශේෂ විෂයන් උගන්වන්න. ඒත් කිසිම දවසකත් විෂය උගන්නලා නැහැ. මම විරෝධතා දැක්වූ දවසේ ඉඳලා දැන් යනවා පන්තියට උගන්වන්න.

පාසල් සංවර්ධන සමිතිය මේවාට විරුද්ධ වෙන්නේ නැද්ද?
පාසල් සංවර්ධන සමිතියත් විදුහල්පතිනියට ඕන විදියටයි වැඩ කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ගැන දැනුම් දීලා තිබුණේ නැහැ. කිසිදු පරීක්ෂණයක් නැහැ. පාසලේ බලධාරින් එකතු වෙලා දරුවෝ 20ගේ කොණ්ඩේ බලහත්කාරයෙන් කැපුවා. ඒ ගැන අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පරීක්ෂණයක් කළා. සිදුවුණේ කොණ්ඩේ කපන්න මුල්වූ ගුරුවරු තුන් දෙනාට දඬුවම් දුන්නා. විදුහල්පතිනිය බේරුණා.

කොහොමද ඇය බේරුණේ?
දේශපාලන බලය උපරිමයෙන් පාවිච්චි කළා.
දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුව ඔබතුමාට පුළුවන්නේ දැන් පරීක්ෂණයක් කරන්න?
යහපාලන ආණ්ඩුව බිහිවෙලා අදට අවුරුදු දෙකයි මාසයයි දවස් 11යි. තවමත් පරණ ක්‍රියාකලාපයේ යෙදෙමින් ක්‍රියා කරනවා. මෙහේ ඉන්න මහජන නියෝජිතයා මම. සුජාතා විද්‍යාලය තියෙන්නේ මගේ ගේ ළඟ මීටර් 50ක දුරින්. ඉතින් මට වෙලා තියෙන්නේ මේවා ගැන බලාගෙන ඉන්න.
අධ්‍යාපන ඇමැතිතුමාට කිව්වේ නැත්තේ ඇයි?මම සුජාතා විද්‍යාලයේ ප්‍රශ්න ගැන කියා අධ්‍යාපන ඇමැතිතුමාට තුන්වැනි ලියුමත් ලියුවා. මේ උද්ඝෝෂණය නිම කරලා පැය 4ක් යන්න පෙර අධ්‍යාපන ඇමැතිතුමාගේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විශේෂ පර්යේෂණ කණ්ඩායමක් ආවා. දැන් මේ ගැන විමර්ශනයක් සිදු වෙනවා. සමහර වෙලාවට කිරි එරෙන්නත් අඬන්න එපැයි. මේ උද්ඝෝෂණය නිසා මුළු රටේම අවධානය යොමු වුණා. ජාතික පාසල්වල සිදුවන අක්‍රමිකතා ගොඩක් දැන් වාර්තා වෙලා තිබෙනවා.

මොනවද වාර්තා වුණ තොරතුරු?මේ විදුහල්පතිනිය තට්ටු 3ක සුපිරි නිවෙසක් හදලා තියෙනවා. ඒකේ ඡායාරූප සහ වීඩියෝ මා සතුයි. විදුහල්පතිවරු එන්නේ මරුටි කාර් එකේ. ආපසු යන්නේ සුඛෝපභෝගී වාහනවල. ඔන්න හොරකමේ තරම.
මැති - ඇමැතිවරු වගේමයි කිසිම වෙනසක් නැහැ. කවුරු කළත් හොරකම හොරකමමයි.
ඔබ මේ උද්ඝෝෂණයට මවුපියන් සම්බන්ධ නොකර ගත්තේ ඇයි?
එහෙම කළා නම් කියයි බුද්ධික පතිරණ මවුපියෝ කුලප්පු කළා. අධ්‍යාපනයට බාධා කළා කියලා. ඒක නිසා මම තනියම බැහැලා මේ වැඩේ කළා.
බුද්ධික පතිරණ කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන කෙනෙක්. මේකත් එහෙම වැඩක්ද? ලකුණු ගන්නද තනියම වැඩේ කළේ?
මම නිර්මාණශීලී පුද්ගලයෙක්. නිර්මාණශීලී පුද්ගලයකු අතින් ප්‍රවෘත්ති මැවෙනවා. මම ලේවලින් අස්සන් කරලා පක්ෂය දාලා යන්නේ නැහැ කියලා පොරොන්දුවක් දුන්නා. ඒක තමයි ලේ වලින් අස්සන් කරලා දුන් පළමු පොරොන්දුව. ඒක අලුත් දෙයක්. බුද්ධික පතිරණ ප්‍රවෘත්ති මවන්නෙක් කියන්නේ බුද්ධික පතිරණ ක්‍රියේටිව් පොරක් කියන එකයි.

මේ උද්ඝෝෂණය ගැන සමාජ ප්‍රතිචාර කොහොමද?
මගේ උස අඩි 5යි අඟල් 3යි. දැන් දවසකට පාසල් ප්‍රශ්න 4 - 5ක් ලැබෙනවා. තව මාසයක් දෙකක් යන කොට මගේ උසට වඩා මේ ෆයිල් කන්ද වැඩි වෙයි. එදාට මම මට වඩා උස මේ ෆයිල් ටික විල්බැරෝවක දාගෙන මාතර නගරය පුරා ගෙනියනවා.