Jan
03
සිසුවියන් දෙදෙනා කාමාතුරයන්ගෙන් බේරාගත් දිසා ලේකම්වරිය
නයිට් මේල් එකේ ගිය විදෙස් සිසුවියන් බේරාගත් දිසා ලේකම්වරිය
කොළඹ සිට මඩකළපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේදී කාමාතුරයන් හයදෙනෙකුගෙන් විදේශීය විශ්වවිද්‍යාලයීය සිසුවියන් දෙදෙනකු බේරා ගැනීමට මඩකළපුව දිස්ත්‍රික් ලේකම්වරිය කටයුතු කළාය.
මෙම දුම්රියේ ගමන් කළ විදේශීය විශ්වවිද්‍යාලයීය සිසුවියන් දෙදෙනා කොටුකර ගත් කාමාතුරයන් හයදෙනෙකු ඔවුන්ට පිහි පෙන්වා දූෂණය කිරීමට උත්සාහ දරා ඇත.
මේ අවස්ථාවේ මහත් භීතියට පත්ව සිටි එම සිසුවියන් දෙදෙනා දුම්රිය මගීන්ගෙන් ආධාර ඉල්ලා සිටිය ද ඔවුන්ව බේරාගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත්ව නැත.
මෙම කාමාතුරයන්ගේ ග්රහණයෙන් මිදීම සඳහා දුම්රිය මැදිරිය තුළ අයිනක සිරව සිටි එම සිසුවියන් දෙදෙනා පැය තුනකට අධික කාලයක් ඔවුන්ගේ හිරිහැරයට ලක් වූ බව වාර්තා වේ.
දුම්රිය මගීන් මෙය නොදැක්කා සේ එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර එම දුම්රියේම ගමන් කළ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී.එස්. එම්. චාල්ස් මහත්මිය එම ස්ථානයේ යම් කලහකාරී තත්ත්වයක් පවතින බව දැන ඒ ගැන විපරම් කළාය.
එවිට ඔවුන් පිහි පෙන්වා එම සිසුවියන්ට තර්ජනය කරමින් අඩන්තේට්ටම් කරන බව දැක කඩිනමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු හා ජංගම දුරකථනයෙන් සම්බන්ධ වෙමින් මෙම තත්ත්වය පැහැදිලි කර දෙමින් එම තරුණියන් දෙදෙනා බේරාගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙස ඉල්ලා සිටියාය.
ගතවූයේ සුළු මොහොතකි. දුම්රිය නතර විය. ඒ සමඟ දුම්රිය මැදිරියට ගොඩ වූ පොලිස් නිලධාරීන් එම කාමාතුරයන් හයදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම විදේශීය විශ්වවිද්‍යාලයීය සිසුවියන් දෙදෙනාව පොලිසිය බාරයට ගෙන ආරක්ෂාකාරී ලෙස ඔවුන්ගේ ගමනාන්තය දක්වා රැගෙන යාමට කටයුතු කළේ දිස්ත්‍රික් ලේකම්වරියගේ මැදිහත්වීමෙනි. මෙම සිදුවීම ඊයේ (02) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති නව වසරේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමින් දිස්ත්‍රික් ලේකම් චාල්ස් මහත්මිය පැවසුවාය.
රාජ්‍ය නිලධාරීන් තම රාජකාරියට පමණක් සීමා නොවී කටයුතු කිරීමෙන් අහිංසක ජීවිත පවා බේරාගැනීමට හැකි වන බව ඇය කියා සිටියාය.