Jan
06
දෝනි නායකත්වය අත්හරී
නායකත්වයෙන් ඉවත් වන විට විස්සයි-20 තරග 73කට සහභාගි වී ඇති දෝනි එහිදී ලකුණු 1112ක් ලබා ඇති නමුත් කිසිදු අර්ධ ශතකයක් ලබා නොතිබීමද විශේෂත්වයකි. තවද එක්දින තරග 283කට සහභාගි වී ඇති දෝනි එහිදී ශතක 6ක් හා අර්ධ ශතක 61ක් සමගින් ලකුණු 9110ක් රැස්කර තිබේ.
ඒ අනුව ජනවාරි මස මැදදී එංගලන්තය සමගින් පැවැත්වෙන එක්දින හා විස්සයි-20 තරග සඳහා ඉන්දීය සංචිතය අද (06දා) නම් කිරීමට නියමිතව ඇති අතර, එහිදී විරාත් කෝලිට ඉන්දියානු කණ්ඩායමේ නායකත්වය හිමිවනු ඇති බවද පැවැසේ.
මේ අතර දෝනිගේ සමුගැනීම පිළිබඳව ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපති ශ්‍රීකාන්ත් ප්‍රසාද් පවසා ඇත්තේ ඔහු ගත් තීරණයට ගරු කළ යුතු බවය.