Jan
24
බස් රථවල සිඟමන් යැද්දොත් රු 5000 දඩයක් ඉල්ලයි

බස්රථ තුළ සිඟමන් යැදීම සපුරා තහනම් බවට මෝටර් රථ ආඥා පනතේ සඳහන් කර තිබුණද, එම වරද සිදුකරන පුද්ගලයාට ලබාදෙන දඬුවම පිළිබඳ සඳහන් කර නැතැයිද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් සංශෝධනය කිරීමේදී බස්රථ තුළ සිඟමන් යදින පුද්ගලයන්ට රුපියල් 5000 ක දඩ මුදලක් පනවන ලෙසට යෝජනාවක් ඉදිරිපත් කළ බවද ඔහු පවසා සිටියේය.
මෙම යෝජනාව ප්‍රවාහන අමාත්‍යවරයාට, රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා ජාතික ආරක්ෂාව පිළිබඳ අධිකාරියටද ඉදිරිපත් කළ බවත් ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
ප්‍රවාහන අණපනත්වලට අනුව බස් රථයකට ඇතුළු වන මගීන්ට සුවපහසුව සලසා දීමේ කාර්යය බස්රථ හිමිකරුවන්ට සහ සේවකයන්ට පැවරී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
එහෙත් සමහර පිරිස් බස්රථ තුළට බලහත්කාරයෙන් ඇතුළු වී මගීන්ට අපහසුතා ඇතිවන ආකාරයට සිඟමන් යදින බවත්, රටේ නීතියක් නොමැති නිසා පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පවා නොහැකි වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.