Dec 07

කෑවොත් ටොෆි මහමඟ නිදි

සිසිල් බීමවලට නිදි මත් පෙති දමා පුද්ගලයන් සතු දේවල් සොරා ගන්නා අපරාධකරුවෙක් දැලේ යන හිසින් යුත් පුවතක් 'මව්බිම' පුවත්පතේ පළවිය.

මේ සෙල්ලම කලක සිට අප රටේ ක්‍රියාත්මක වන දෙයකි. විශේෂයෙන්ම දුම්රිය හෝ බස් රථවල ගමන් ගන්නා පුද්ගලයන්ට ටොෆියක් කන්නට දී ඔවුන් සතු දේවල් සොරා ගැනීම කලක සිටම සිදුවේ.

ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වන රුහුණු කුමාරි දුම්රියේ මේ සෙල්ලම කලකට උඩදී කදිමට පැතිරී තිබිණි.

"මේ අංකල් පොඩ්ඩක් වාඩි වෙන්න ඉඩ දෙනවද, දුම්රියට ගොඩවූ ළබාල තරුණයෙක් වයසක කෙනකුට කීය.

හරි ඔය ඉඩ තියෙන්නේ.

ඔහු වාඩි විය. මේ අංකල් හරිම රස ටොෆි වර්ගයක් මා ළඟ තියෙනවා දෙන්නද. ටික දුරක් ගිය විට අර තරුණයා වැඩිහිටියාගෙන් ඇසීය.

"කෝ බලන්න"

ඔහු ටොෆිය කයි. ටික වේලාවකින් ඔහු මත්වෙයි.

අර තරුණයා ඔහු සතු දේ පැහැර ගෙන මාරු විය.

දිනක් උඩරට මැණිකේ දුම්රියේ ලස්සන තරුණියක් ගමන් කළාය.

මේ අයියා කොහාටද යන්නේ ඇය ඇසුවාය.

"මම මේ නුවරට යනවා. නංගි කොහේද යන්නේ?

මමත් නුවර

ටික දුරක් ගිය පසු අයියා මා ළඟ ටොෆියක් තියෙනවා. ඕනෑද?

කෝ බලන්න.

ඔහු ටොෆිය කා ටික වේලාවකින් ඇළ විය. තරුණිය ඔහුගේ මුදල් පසුම්බියත් ගෙන ඊළඟ දුම්රිය ස්ථානයෙන් බැස ගියාය.

දිනක් රුහුණු කුමාරි දුම්රියේ රූමත් තරුණියක් ගමන් කළාය. ඇය ටික දුරක් යන විට හික්කඩුවේදී තරුණයෙක් දුම්රියට ගොඩ විය.

මේ අයියා ඉඩ තියෙනවා. අර තරුණිය තමා අසල වූ ඉඩ ඔහුට පෙන්වූවාය.

ටික දුරක් යන අතර ඇය බෑගයෙන් ටොෆි වර්ගයක් ගත්තාය.

ඔයාටත් එකක් ඕනෑද?

"එපා. එපා. මා ළඟත් ටොෆි තියෙනවා. ඔහුද තම බෑගයෙන් ටොෆියක් ගෙන ඇයට දුන්නාය. ඇය එය කෑවාය. ටික වේලාවකින් මත්වූ ඇය දුම්රිය අසුනේ නිදා ගන්නට වූවාය. අර තරුණයා ඇගේ බෑගයද රැගෙන බැස ගියේය.

උඩරට පැත්තේ දුම්රියට ඔහු නැග්ගේ නුවරට යන්නටය. එහිදී තරුණියක්ද දුම්රියට ඇතුළු වූවාය.

අර තරුණයාගේ අසුන ළඟ අසුනේ ඇය වාඩි වූවාය.

අයියා කොහෙටද යන්නේ?

මම මේ නුවරට යන්නේ මගේ ගමත් නුවරනේ.

ඇත්තද? මමත් නුවර යන ගමන්.

ටික දුරක් ගිය පසු තරුණිය බෑගය ඇර ටොෆියක් කන්නට පටන් ගත්තාය.

අයියටත් ටොෆියක් ඕනෑද. නෑ නෑ, මට එපා මා ළඟත් ටොෆි තියෙනවා.

ඔහු බෑගය තුළ වූ ටොෆි වගයක් ගෙන ඇයටත් එකක් දුන්නාය.

එය කෑ තරුණිය ටික වේලාවකින් සිහි නැතිව නිදා ගත්තාය. තරුණයා ඇගේ බෑගයද රැගෙන දුම්රියෙන් බැස ගියේය.

- මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.