Dec 23

මෙයාව හොඳින් බලාගනිං කියා සැමියා බිරියව පෙම්වතාට බාරදීලා

සිය දරු දෙදෙනාද තමාවද අත්හැර දමා මුහුණු පොතෙන් හමුවූ තරුණ ආලවන්තයකු සමග පලා ගිය බිරියක (37) පොලීසියේදි සතුටෙන් භාරදී ‘හොදින් ජීවත්වෙන්න’ යැයි පැතූ සැමියකු පිළිබදව පොල්පිතිගම ප්‍රදේශයෙන් වාර්තා වේ.


සැමියා හමුදා සේවයෙන් විශ්‍රාම ලබා ස්වයං රැකියාවක නිරතව සිටින අයෙකි. ඔවුන් දෙපළට වයස අවුරුදු 19ක් හා 16ක් වියැති දරුවන් දෙදෙනෙකි. දහදිය මහන්සියෙන් ඉපැයූ දෙයින් දරුවන් සහ බිරිය ජීවත් කරවීමට සැමියා නොගත් උත්සාහයක් නොමැත. බිරිය විදේශ ගතවූයේ පවුලේ බර හෑල්ලුකර ගැනීමේ අරමුණු ඇතිවය. බිරියගේ උත්සාහය නිසා පවුලේ බර යම් තරමකින් හෝ හෑල්ලු වෙතැයි සැමියා සිතූ වාර අනන්තය.

තම මවගේ නිවෙසට යන බව පවසා නිවෙසින් පිටව ගිය බිරිය දින කීපයක් යනතුරුත් පෙරළා නොපැමිණීම සැමියාට ප්‍රශ්නයක් විය. ඒ පිළිබදව සොයා බැලූ ඔහුට දැන ගැනීමට හැකි වූයේ අදහා ගැනීටමත් නොහැකි දෙයකි. ඒ බිරිය තමන්ට වඩා අවුරුදු 10කින් බාල තරුණයකු හා පලා ගොස් ඇති බවය. මෙම තරුණයා ද හමුදා භටයෙකි. මාතලේට නුදුරුව පදිංචිව සිටියේය.

මාතලේ මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණි මේ සැමියා බිරියගේ නොමනා සබදතාව පිළිබදව පැමිණිලි කළේය. පැමිණිල්ලට අනුව දෙපාර්ශ්වය කැදවූ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක ධම්මිකා කරුණාරත්න මහත්මිය දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසුවාය. ප්‍රේම කතාවේ අගමුල දිග හැරුණි. විදේශගතව සිටියදී මුහුණු පොතෙන් හමුවූ ළාබාල තරුණ ආලවන්තයා සමග දීග කෑමට ආ බව බිරිය පැවැසුවාය.

බිරියගේ සහ ආලවන්තයාගේ නිදහසට කරුණු ඇහුම්කන් දෙමින් සිටි සැමියා ‘උඹ හොද එකා මචං මෙයා හොදින් බලා ගනින්’ කියමින් අතට අතදී පොලීසියෙන් පිටව ගියේ මහත්මයකු ලෙසින්ය.

බිම් අගලට ගහ මරා ගන්නා සමාජයක බිරිය අනියම් පෙම්වතාට ළෙන්ගතුව භාර දී ‘හොදින් ජීවත් වෙන්න’ යැයි ප්‍රාර්ථනා කළ දෙදරු පියා පොලිස් ස්ථානයෙන් පිටව ගියේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.