Dec 27

රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්තවෙයි

මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන්  කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත.


මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 83කි.

ශ්‍රී ලංකාවේ දැනට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින් දෙදෙනාගෙන් අයෙකු ලෙස ඔහු සැලකුණු අතර අනෙක් දේශපාලනඥයා වන්නේ හිටපු තවත් අගමැතිවරයෙකු වන දිමූ ජයරත්න මහතාය.

ඒ අනූව හිටපු අග්‍රාමාත්‍ය  දිමු ජයරත්න මහතාද පසුගිය 20 වැනිදා රත්නසිරි වික්‍රමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි රෝහලට ගොස් තිබුණි.

රත්නසිරි වික්‍රමනායක මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨතම උපදේශකවරයෙක් වශයෙන් මෙන්ම නිදහස්  පක්ෂයේ අනුශාසකවරයෙක් ලෙසද කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විදුර වික්‍රමනායක මහතා ඔහුගේ පුත්‍රයෙකි.

2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු එවකට ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස රත්නසිරි වික්‍රමනායක මහතා කටයුතු කළ අතර 2010 වසරේදී නැවත මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු අගමැතිවරයා ලෙස පත්කරනු ලැබුවේ දිමූ ජයරත්න මහතාය.

රත්නසිරි වික්‍රමනායක මහතා 1933 මැයි මස 05 වැනිදා උපත ලැබීය.

ඔහු පළමු වතාවට අගමැති ධූරයට පත්වන්නේ 2000 වසරේදීය.

එනම් 2000 අගෝස්තු මස සිට 2001 දෙසැම්බර් මස දක්වාය.

ඒ එවකට වයස අවුරුදු 84ක් වත්ම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගය.

අනතුරුව 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනපති ලෙස තේරී පත්වූ පසු එම වසරේ නොවැම්බර් 21 දින දෙවන වතාවටත් මෙරට අග්‍රාමාත්‍යවරයෙකු ලෙස ඔහු දිවුරුම් දෙන ලදී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.