Dec
01
මිනිස්සු හිර වෙන පුද්ගලික බස්-දුම්රිය වර්ජනය අද ධ්‍යම රාත්‍රීයේ සිට
සමස්ත ලංකා බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ අද දිනය තුළ සිය ඉල්ලීම් වලට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් අනිවාර්යයෙන් අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කරන බවයි.
අයවැයෙන් යෝජනා කරන ලද රථවාහන දඩය ඉහළ දැමීම ඉවත් කළ යුතු බව අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.
කෙසේවෙතත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියා සිටියේ අයවැයෙන් යෝජනා කරන ලද සංශෝධන දඩ මුදල් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු නොවන බවයි.
අදාළ සංශෝධන ක්‍රියාත්මක කිරීමට වසරකට අධික කාලයක් ගත වනු ඇති බව අමාත්‍යවරයා පවසයි.
මේ අතර ඉල්ලීම් 04ක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිතිද අද මධ්‍යම රාත්‍රීයේ යේ සිට වැඩවර්ජනයක නිරත වන බව ශ්‍රේණිගත දුම්රිය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා කියා සිටියි.