Dec 12

වැඩිහිටියන්ට පමණක් නම් මම රඟපාන්නෙ නෑ

පටාචාරා චිත‍්‍රපටයේ කුමාරි ලෙස රඟපාන්නේ ”දුලානි අනුරාධා” රංගන ශිල්පිනියයි. සිනමා චරිතවලදී දුලානි බොහෝ විට හමුවන්නේ ඓතිහාසික කතා තේමා කරගත් නිර්මාණ සමගයි. ඉන් එහා වෙනත් චරිතවලට ඇය දායක නොවන්නේ ද? ඒ ගැන කියමින් දුලානි සඳැල්ල කතා බහ හැඩකළ විදියයි මේ.

දුලානි ඔබ රඟපෑම සඳහා රජ කතා විතර ද තෝර ගන්නේ?

තෝරා ගැනීමක් නෙවෙයි. සිනමාවේ ආරාධනා ලැබෙන විදියට ඒවා බාරගන්නවා. අපේ රටේ සිනමාව කර්මාන්තයක් ලෙස ස්ථාපිත වී නැහැ. අපට අපගේ දක්ෂතා පෙන්නුම් කිරීමට මාධ්‍යයක් තිබිය යුතුයි. ඒ නිසා සියලූ අංශ වෙතින් ඉවත්ව සිටින්න බැහැ. සිනමාවට කොහොමටත් මම ආසයි. නමුත් මේ ප‍්‍රශ්නෙට උත්තරය ලෙස කිව්වොත් මගේ ශරීරයේ පෙනුම එක්ක බොහෝ වෙලාවට මාව ගලපාගන්නෙ මේ ඓතිහාසික තේමා රැුගත් කතාවලටයි.

 ඒ නිසා ඔබ ඒකාකාරී වන බව හිතන්නෙ නැද්ද?

සමහර විට ඒකාකාරී වෙන්න පුළුවනි. ”අබා”ගෙන් පසුව මම දෙවැනියට රඟපෑවේ ”සංගිලි” චිත‍්‍රපටයේ. එහි ”ටේ‍්‍රලර්” එක විතරක් ලක්ෂ තුන පන්නලා නරඹලා තියෙනවා. එහි මම රඟපෑවේ වෙනස් චරිතයක්. අවාසනාවට තවම එය තිරගත වුණේ නැහැ. ඉන්පසුව ”පරාවර්ථන” චිත‍්‍රපටයේ රඟපෑවා. රජකතා, ඓතිහාසික කතා තරමට එය මිනිස්සු වැළඳ ගත්තෙ නැහැ.

සරල කතා තේමා රැුගත් වැඩි ආකර්ෂණයක් ගන්නා චිත‍්‍රපටයක හෝ පේ‍්‍රමණීය කතාවක පෙම්වතිය ලෙස රඟපාන්න ආසා නැද්ද?

රංගන ශිල්පිනියක ලෙස වෙනස් වෙනස් දේ කරන්න මටත් ආසාව තියෙනවා. නැතුවා නෙවෙයි.

වෘත්තියෙන් ගුරුවරියක නිසා ආදරණීය කතා කිරීම සහ එවැනි චරිත රඟපෑමට එය බාධාවක් ද?

කුමන හෝ විදියකට වැඩිහිටියන්ට පමණක් සීමාවූ දර්ශන ඇතුළත් නම්, සීමා විය යුතුම වෙනවා. අවංකවම එවැනි චරිත මම ප‍්‍රතික්ෂේප කළා. එහෙම කළේ ගුරු වෘත්තිය නිසාම නෙවෙයි. එහි නොසිටියත් එහෙම වේවි. අපේ සංස්කෘතියේ ආ ආකල්ප එක්ක අපේ අදහස් අනුව, අපිව මානසික බැඳීමකට නතුවෙලා තිබෙන්නෙ. ඒ බැමි කඩාගෙන යන්න මම අකමැතියි. ඒ හැරත් ඒ වටපිටාව හරහා එවැනි චරිත සඳහා සැහැල්ලූ වූ මානසිකත්වයක් නැහැ.

 කෙසේ හෝ මෙවැනි චරිතවලට සාපේක්ෂව ඔබ මොනවගේ චරිතයක් ද?

සාමාන්‍ය ගැහැනියක්. ස්වභාවය අනුව තරහා යන වෙලාවට තරහා යන, දුකේදි දුක්වන, ආදරයේදී ආදරය වන, ඒ සියලූ හැඟීම් එක්ක ගලා යන සාමාන්‍ය ජීවිතයක් මටත් තියෙන්නෙ.

ඒ ජීවිතයේදී ඔබට පුළුවන් දේ, බැරි දේ මොනවද කියලා ඇහුවොත්?

නිතරම උයන්න, පිහන්න, ගේ අස්පස් කරන්න කැමති නැහැ. නිරන්තරයෙන් ඒ දේ කරනවාට වඩා මට හිතුණොත් කරන්න කැමති කෙනෙක්. නමුත් නිතිපතා එවැනි දේ කරන ගෘහණියන් ගැන මම ආඩම්බර වෙනවා. ඒ විදියට නියැලෙන්න ඇයට හොඳ මානසික ශක්තියක් තියෙන්න ඕනෑ.

කසාදයක් කරගත්ත දවසට ඔබට උයන්න බැරි වුණොත් කොහොම වේවි ද?

මගේ වෘත්තිය සහ කලාවේ මම කරන කියන සියල්ල ගැන වැටහීමක් ඇති කෙනෙක් නම්, එයා එතකොට මාව තේරුම් ගනීවි. ස්වාමිපුරුෂයාට ඒ අවබෝධය තිබීම වැදගත්.

දුලානි හැඩට වැඩට ඉන්න ආසයි ද?

ඔව් ආසයි. හැබැයි වෙනම ආකෘතියක් කියලා රාමුවක් නැහැ. අවශ්‍ය වෙලාවට, මට සැහැල්ලූව දැනෙන විදියට විලාසිතා ගලපා ගන්න වගේම හැඩවෙන්න ආසයි. ගුරු වෘත්තිය හැර රංගන ශිල්පිනියක ලෙස විවිධ අවස්ථාවලට යා යුතුයි. එවිට ඒ විදියට හැඩවෙන්නත් ඕනෑ. ඒකට මම ආසයි.

 දැන් අපි මේ ”පටාචාරා” (කුමාරි) ගැන සහ ඒ චිත‍්‍රපටය ගැන කතා කරමු?

අපි කියවලා තියෙන අහලා තියෙන පටාචාරාම තමයි. ඒ සිද්ධාන්තය අරගෙන වර්තමානයට ගැලපෙන විදියට සම්බන්ධ කරලා තියෙනවා. චිත‍්‍රපටය නැරඹීමෙන් එහි වෙනස හෝ පේ‍්‍රක්ෂකයාට දැනෙන දේ වින්දනය කළ හැකියි.

 දුලානි ඇයි ටෙලිනාට්‍යවල රඟපාන්නෙ බොහොම කලාතුරකින් නේද?

මේ අවුරුද්ද පුරාම වගේ විකාශය වූ ”චක‍්‍ර” නාට්‍යයේ රඟපෑවා. ඇත්තටම මේ තියෙන රැුල්ල එක්ක ටෙලිනාට්‍ය ගොඩාක් බදාගන්න මම කැමති නැහැ. මගේ පාසල් කටයුතුත් අතරේ තෝරාගත් නිර්මාණාත්මක ගුණයෙන් යුතු එකක දෙකක රඟපානවා.

 මොකක්ද ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ තියෙන රැල්ල?

මට පෙනෙන විදියට එකම තේමා යටතේ තමයි නිර්මාණ හැදෙන්නෙ. ඒ නිසා මතක රසයක්වත් ඇතිවන්නෙ නැහැ. නරඹා රසවිඳිය හැකි මට්ටමක් නැති තරම්.

නිතරම ඉස්සර ටෙලි ගැන කතා වන්නෙ ඒ නිසයි. ඕනෑවට එපාවට ඇටවූ නාට්‍යය නෙවෙයි. ඒවා ඒ නිසා ඕනෑම කාලයකට රස විඳිය හැකි නිර්මාණ වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.