Dec
06
බස් ප්‍රශ්නය ගැන සොයන හයදෙනාගේ තීන්දුව එනකන් වර්ජන නෑ

පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විද්වත් කමිටුවේ තීරණය ලැබෙන තෙක් බස් වර්ජනය අත්හිටුවා තිබේ. එතෙක් එම වැරැදි වෙනුවෙන් පවතින දඩ මුදල් පමණක් අය කෙරෙන බව එම විද්වත් කමිටුව පෞද්ගලික බස් සංගම් වෙත දැනුම් දී ඇත.
ඒ පෞද්ගලික බස් සංගම් හා එම විද්වත් කමිටුව අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (5දා) පැවැති විශේෂ සාකච්ඡාවේදීය. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය, අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යන බස් සංගම්වල නියෝජිතයන් 20 දෙනකු, ප්‍රවාහන, මුදල් අමාත්‍යාංශවල ලේකම්වරුන්, නීතිපති දෙපාර්තමේන්තුවේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිතයන්, ජේයෂ්ඨ පොලිස්පති නන්දන මුණසිංහ මේ රැස්වීමට සහභාගි වී ඇත.
වමෙන් ඉස්සර කිරීම හා අධික වේගයෙන් රිය ධාවනය යන වැරැදි සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බව සංගම් නියෝජිතයන් විද්වත් කමිටුවට තරයේ අවධාරණය කොට තිබේ.