Dec
26
කොළඹ නගරයේ රථ වාහන වේගය 2020 වන විට පැයට කිලෝමීටර් 6දක්වා පහතට වැටෙනවා

මේ වන විට කොළඹ නගරයේ ධාවනය වන සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 8ක් වන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
1980 වසරේදී එම අගය පැයට කිලෝමීටර් 40 සහ 60ත් අතර වී ඇත.
දිනෙන් දින මහා මාර්ගවලට අවතීර්ණ වන රථවාහන ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් එය සිදුවී ඇති බවද 2008 වසරේ තිස් තුන් ලක්ෂ අනූ දහස් නවසිය අනූතුනක්ව පැවැති සමස්ත රථවාහන සංඛ්‍යාව පසුගිය වසර වන විට හැටතුන් ලක්ෂ දෙදහස් එකසිය හතළිස් එක (6,302,141) දක්වා වැඩිවී තිබේ.
කොළඹ නගරයට දෛනිකව ලක්ෂ දෙකහමාරක් පමණ රථවාහන සංඛ්‍යාවක් ඇතුළු වන බවද වාර්ෂිකව එම අගය විසි පන්දහසක් බැගින් ඉහළයන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
වාහන තදබදයට පිළිතුරක් ලෙස කොළඹ නගරයට රථවාහන ඇතුළු වන ප්‍රධාන දාරටු 7ක් හඳුනාගෙන එම ස්ථානවල සිට සැහැල්ලු දුම්රිය සේවයක් ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද මුදල් අමාත්‍යාංශය කියයි.
සැහැල්ලු දුම්රිය සේවය බොරැල්ල, කොට්ටාව, බත්තරමුල්ල, කඩුවෙල, මරදාන, මට්ටක්කුලිය, පෑලියගොඩ, දෙමටගොඩ, කඩවත, වැල්ලම්පිටිය, කිරුළපන ආදී නගර ආවරණය කරමින් අරඹන බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.