Nov
27
ජීවිතේ ලස්සන කියන දෙයට වඩා වටින්නේ ගුණයහපත්කම.
ඒ ගුණයහපත්කම ගොඩනැගෙන්නනම් පවුලේ පරිසරයත් අනිවාර්යෙන්ම බලපානවා.
අම්මා තාත්තගේ සෙනෙහසක් ආදරයක් නැති නිසා දරුවන්ගේ ජීවිත විනාශ වෙන සිද්ධිත් මේ සමාජය ඇතුලේ ඕන තරම් තියෙනවා.
ඒ විදිහට ලස්සන ජීවිතේ අපායක් වුණු තරු‚යකගේ සංවේදී හෙළිදරව්වකි මේ.
මම උඩහ පළාතේ. මං පවුලේ බාලයා. අපේ අම්මයි තාත්තයි වෙන්වෙලා තියෙන්නේ මං පුංචි කාලේ.
තාත්තා වෙන ගැහැනියෙක් එක්ක ගියාට පස්සේ අම්මා ඒ හිතේ අමාරුවෙන් වහ බීලා මැරිලා.
අම්මගෙ මරණයෙන් පස්සේ මාව හදාගත්තේ ආච්චි අම්මා.
මට මගේ අම්මගෙයි තාත්තගෙයි මුහුණු මතක නැහැ. මං ඉස්කෝලේ දහයේ පන්තියට යනතුරු ගියා.
ඒත් මගෙ ආච්චි අම්මා මැරුණ නිසා එතැනින් එහා ඉගෙනගන්න බැරි වුණා. ආච්චි අම්මා මැරුණට පස්සේ මාව බලාගන්න කවුරුවත් නැතිව ගියා.
නැන්දයි මාමයි බය වුණා මම ආච්චිගේ දේපළවලට අයිතිය කියයි කියලා.
අක්කයි, අයියයි, මට කිව්වා එයාලා ළඟ නතර වෙන්න කියලා.
ඒත් මං ඒකට කැමති වුණේ නැහැ. මම පන්සලේ හාමුදුරුවන්ට කියලා කොළඹට ආවා. ගාමන්ට් එකක රස්සාවට යන්න.
ඊට පස්සේ මොකද වුණේ... ?
˜මම බෝඩිමක නතර වෙලා තමයි රස්සාවට ගියේ.
මේ අතර තමයි මට මේ දරුවගේ තාත්තා හමුවුණේ.
එයා මගෙත් එක්ක යාළු වුණා. එයාට අවුරුදු විසි දෙකක් විතර ඇති.
මට එතකොට අවුරුදු දාසයයි. මම එයාවත් එක්කගෙන අපේ අක්කලාගේ ගෙදර ගියා.
අක්කා එයත් එක්ක කතා බහ කරලා බැලූවා. ඊට පස්සේ අපි දෙන්නව බලෙන්ම වගේ කසාද බැන්දුවා.
අපි ටික දවසක් ගමට වෙලා හිටියා. ඒ ඉන්නකොට අක්කලාගේ ගෙදරට දවසක් පොලිසියෙන් ආවා.
ඇවිත් කිව්වා මම බැඳපු එක්කෙනාට විරුද්ධව පැමි‚ල්ලක් තියෙනවා කියලා.
එදා තමයි මම දැන ගත්තේ එයා කලින් කසාද බැඳපු කෙනෙක් කියලා. ඒත් මම විශ්වාස කළේම නැහැ.
පොලිසියෙන් අපිව උසාවියට ඉදිරිපත් කළා.
එදා තවත් ගෑනු කෙනෙක් ඇවිත් හිටියා. අවුරුදු තුනක විතර දුවෙකුත් එයා එක්ක හිටියා.
එයාට තිබුණේ බහු විවාහ චෝදනාවක්. ඊට පස්සේ එයා ආයෙත් එයාගේ කලින් බිරිඳ ළඟට ගියා.
අපේ පවුලේ කවුරුවත් මාව බාරගන්න කැමති වුණේ නැහැ.
මට යන්න තැනක් නැති නිසා මාව උසාවියෙන් —මෙත් සෙවණට˜ එව්වා.
මෙහෙ ආවට පස්සේ තමයි මම දැන ගත්තේ මට දරුවෙක් ලැඛෙන්න ඉන්නවා කියලා.
ඒත් ඉතිං මොනවා කරන්නද මං හිතා ගත්තා දරුවා හදාගන්නවා කියලා.
මං දන්නෑ මං මොනවා කරන්නද කියලා. මගේ ගෙදරින් මාව බලන්න එන්නේ නැහැ.
ඒ ගොල්ලන්ට මම ලැජ්ජා කළා කියලා. මගෙත් අදහසක් නැහැ ඒ ගොල්ලෝ ළඟට යන්න. මාව ඒ මිනිහා රැවට්ටුවා.
ඒ වගේ මිනිහෙක් මගේ දුවගෙ තාත්තා කියන්නත් ලැජ්ජයි.
දැන් මගේ දුවට අවුරුදු දෙකයි. මට වයස අවුරුදු දහනවයයි.
මට මෙතන ඉන්න වෙන්නේ දුවට අවුරුදු තුනක් වෙනකම් විතරයි. එයාට අවුරුදු තුනෙන් පස්සේ දුවව වෙනමම ළමා නිවාසයකට දමාවී.
මටත් එක්කෝ වෙනමම ඉන්න වේවි. එහෙම නැතිනම් වෙනකොහෙට හරි යන්න ලැබේවී.
ඔයා කැමති නැද්ද ආයෙත් කසාද බඳින්න... ?
අපි වගේ අනාථ වෙච්ච ගෑනු බඳින්න කවුද කැමති වෙන්නේ...?
ඊටත් දරුවෙකුත් එක්ක. ඒත් කවුරුහරි මාවයි දරුවවයි දෙන්නවම බාර ගන්නව නම් ලොකු පිනක්.
මගේ දරුවගෙ උප්පැන්නෙට තාත්තාගේ නම දෙන්න පුළුවන් කෙනෙක් අපිට පිහිට වේවි කියලා කොහොම ද හිතන්නේ.
මමත් ආසයි ලස්සන ජීවිතයක් ගත කරන්න. මම මේ තත්ත්වයට පත්වුණේ සමාජය ගැන නොදන්නා කමින්.
ඕනෑවට වඩා මිනිස්සු විශ්වාස කරලා. මං කැමති නැහැ මගේ දරුපැටියටත් කවදා හරි ඒක වෙනවට.
ඒ නිසා මට ඕන මගේ දුවට හොඳට උගන්නලා මං වගේ නොවී එයාට හොඳ අනාගතයක් හදලා දෙන්න.
මගේ අම්මා හිටිය නම් මට මෙහෙම වෙන එකක් නැහැ.
මට හිතාගන්න බැහැ ඇයි සමාජය මෙච්චරම අපට නපුරු වුණේ කියලා. රස්සාවට ගිහිල්ලා වැඩි දවසක් නැති නිසා මගේ අතේ මහ ගොඩක් සල්ලි තිබුණෙත් නැහැ.
අතේ තිබුණු සුළු මුදලින් මම ඇඳුම් ගත්තා. මගේ හිතේ හුඟක් බලාපොරොත්තු තිබුණා. දැන් ඒ ඔක්කෝම ඉවරයි.
අපේ අම්මා වහ බීලා මැරුණට පස්සේ තාත්තා තවත් කසාදයක් කරගත්තා කියලා මං කලින් කිව්වනේ.
තාත්තා මම ගමට එනවට කොහෙත්ම කැමති නැහැ. ආච්චි අම්මා හිටියානම් මට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. ආච්චි අම්මා මාව පරිස්සමට බලාගත්තා.
ඉස්කෝලේ යන කාලේ මට ඕන වුණේ හොඳට ඉගෙන ගෙන ඉහළට යන්න.
අපේ පංතියේ අය එකට එකතු වෙලා කතා කරනකොට හැමෝටම හීන තිබුණා.
මටත් හීන තිබුණා. දැන් ඒ හැම හීනයක්ම බොඳවෙලා ගිහිල්ලා. දැන් මගේ හිතේ ඉන්නේ මගේ දුව විතරයි.
මේ බලන්න මගේ දුව කොච්චර ලස්සන ද කියලා.
- හිරු ගොසිප්