Nov
25
කෘතිම රා එපා-පොලීසියට කියන්නැයි ඇමති ඉල්ලයි

ඔහු පෙන්වා දෙන්නේ කෘතිම රා ශරිරයට අහිත කර බැවින් ඒවා පානය කිරිම තුළින් විවිධ රෝගාබාධඇති වන බවයි.
ඒ බැවින් කෘතිම රා නිෂ්පාදනය තහනම් කළ යුතු බවත් ස්වභාවික පොල් රා නිෂ්පාදන පමණක් භාවිතා කරමින් ස්කාගාරවල මත් පැන් නිෂ්පාදනය කළ යුතු බවත් අමාත්‍යවරයා පවසයි.
බේරුවල ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්විමට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කෘතිම රා නිෂ්පාදනය නතර කිරිම සඳහා කටයුතු කරන බව සදහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා සියලුදෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද සඳහන් කර තිබේ.