Nov
01
ශ්‍රීපාද රක්ෂිතයේ ඉදිකිරීම් අත්හිටුවයි

ඊයේ (31) වතුයායේ නිරික්‍ෂන චාරිකාවකට එක්වු මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින් තමන්ට ඒ පිළිබදව උපදෙස් ලබාදුන් බවයි එම වතුයායේ වතු අධීකාරි දිෂාන් සෙනවිරත්න මහතා පැවසුවේ.
මාවුස්සාකැලේ ජලාශයට ඉහලින් මරේ දිය ඇල්ලට නොදුරු එම වතුයායේ තිබු නිවාඩු නිකේතනය කඩා ඉවත් කර ඒ වෙනුවට අළුතින් නිවාඩු නිකේතනයක් ඉදිකිරිම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය සහ අඹගමුව ප‍්‍රාදේශීය සභාවෙන් ඒ සදහා අනුමැතිය ලබා ගෙන ඇති බවයි වතු අධීකාරිවරයා පැවසුවේ.
ඩුබායි රාජ්‍යයේ අයිතිකරුවෙකුට සමාගමක විවිධ ජාතින් නියෝජනය කරන පිරිසක් එම අයිතිකරුගේ සමාගමේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේද සිටින බවයි. එම අයිතිකරු දිවයිනට පැමිණෙන අවස්ථාවල ඔහුට රැදිසිටිමට නිවාඩු නිකේතනයක් නොමැති නිසා ඔහුට අයත් අක්කර අසුදෙකකින් යුත් මෙම වතුයායේ සුන්දර පරිසරයක තම නිවාඩු නිකේතනය ඉදිකිරිමට ඔහු විසින් සැලසුම් කර ඇති බවය.
ඔහු දිවයිනට පැමිණෙන සෑම අවස්ථාවකම හෙලිකොප්ටරයක් මගින් පැමිණෙන නිසා එම වතුයායේ ගුවන් පථයක්ද ඉදිකර ඇති බවයි වතු අධිකාරිවරයා පැවසුවේ.
සමාජ වෙබිඅඩවි වල පලවන පරිදි එය නිවාඩු නිකේතනයක් හැර වෙනත් කිසිවක් ඉදි නොකරන බවත් ශ්‍රී පාද රක්ෂිතයේ හෝ ශ්‍රී පාදස්ථානයට ආසන්නයේ තම වතුයාය පිහිටා නොමැති බවද වතු අධිකාරිවරයා පවසනවා. මෙම ඉඩම සම්බන්ධයෙන් නල්ලතන්නියේ වනජිවි කාර්යාලයේ නිළධාරින්ද එම වතුයායට ගොස් පරික්‍ෂා කර බලා ඇති අතර එම වතුයායේ සිට වනජිවි කලාපයට හෝ වන රක්‍ෂණ කලාපයට අයත් නොවන බවත් එම වතුයායේ සිට ශ්‍රී පාදස්ථානය නොපෙනෙන බවත් වනජිවි නිළධාරින් පැවසුවා.