Nov
27
යෝශිතගේ පෙම්වතිය අනතුරේ ?
දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේදී මෝටර් රථ දෙක මුහුණට මුහුණලා ගැටී ඇති අතර මෙම අනතුරින් ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ පැදවූ මෝටර් රථයේ ඇයගේ දියණියන් දෙදෙනාද සිට ඇතත් ඒ අයට තුවාල සිදුවී නැහැ. එහෙත් එහි ගමන්ගත් එක් මෝටර් රථයක ගමන්ගත් 50 හැවිරිදි කාන්තාවක් හා ඇයගේ දියණියන් දෙදෙනා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙසේ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ ද ඔහුන්ගේ මිතුරන් සහ ඥාතින් බවයි පැවසෙන්නේ.
ඒ මෝටර් රථය ගැටී ඇත්තේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු පදවාගෙන ගිය වාහනයක්. එම රථය අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුමෙන් එලියට පැමිණ ගාල්ල පැත්තට ධාවනය වී ඇති අතර ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ පැදවූ මෝටර් රථය අධිවේගී මාර්ගයට ඇතුල් වීම සඳහා පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
අනතුර සැලවූ වහාම යෝෂිත රාජපක්ෂ මහතාද එම ස්ථානයට පැමිණියා. යෝශිතගේ පෙම්වතිය වන්නේ ලොහාන් රත්වත්ත මහතාගේ දියණිය බවයි පැවසෙන්නේ.