Nov
28
ව්‍යාපාරිකයෙක් නම් හොඳයි තරුකා නලුවන්ට කෑමති නෑ කියන්නේ ඔන්න

ඇයව මේ දිනවල ටෙලිනාට්‍ය ගණනාවකින්ම ඔබ දකිනවා. ඒ වගේම ගීත රූප රචනා වලිනුත්. ඊට අමතරව දැන් ඇය හිරු මෙගා ස්ටාර් වේදිකාවෙත් ජනප්‍රිය චරිතයක්. මේ හැමදේම ගැන දිවයින මීවිතට අදහස් එක් කල ඈ තරුකා.
shooting නැද්ද?
තියෙනවා…. තියෙනවා… මෞන යාගය ටෙලි නාට්‍යයේ shooting. ඒ වගේම තවත් භාරගත් නිර්මාණ කිහිපයක්‌ම තියෙනවා.
චිත්‍රපටයකට දායක වුණේ නැද්ද ළඟදි?
ලබන මාසේ මුල සුනිල් ප්‍රේමරත්න මහත්මයාගේ චිත්‍රපයේ වැඩකටයුතු ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා. ඒකේ නම ටවුමේ ඉස්‌කෝලේ. දරුවාගේ අම්මගේ චරිතය තමයි මං ඒකේ නිරූපණය කරන්නේ. ටිකක් මැදි වයසේ කාන්තා චරිතයක් මේක. ඒ වගේම තවත් චිත්‍රපටයක වැඩ ජනවාරි මාසයේ පටන් ගන්න නියමිතව තියෙනවා.
තාරුකාටත් එක පාරටම රියෑලිටි වැඩසටහන්වලට සම්බන්ධ වෙන්නේ හිතුණේ?
මීට කලිනුත් මට රියෑලිටි වැඩසටහන් කිහිපයක් සඳහාම ආරාධනා ලැබුණා. තිබුණු වැඩත් එක්‌ක මට ඒවාට ඒ වෙලාවේ සම්බන්ධ වෙන්න බැරුව ගියා. ඉතිං මේ වතාවේ ලැබුණු ආරාධනාව පිළිගත්තා මං. මොකද මගේ වෙනත් දක්‌ෂතා එළිදක්‌වන්න පුළුවන් අවස්‌ථාවක් නිසා මං දින හදාගෙන ඒ වැඩේට සම්බන්ධ වුණා.
මේ වැඩකටයුතු, ජනප්‍රියත්වය එක්‌ක රියෑලිටි තරග ආදියට සම්බන්ධ වීම නොවිය යුත්තක් කියලා?
අපි තරග කරන්නේ කණ්‌ඩායමක් විදිහට. මෙච්චර කාලයක් මිනිස්‌සු මාව දැනගෙන හිටියේ රංගන ශිල්පිනියක් විදිහට විතරයි. මේ වැඩසටහන නිසා මගේ නර්තන දක්‌ෂතාවනුත් මිනිස්‌සු අඳුනගෙන තියෙනවා. මට ඒ දේ තමයි, ඕනේ වුණේ.
වේදිකා නාට්‍යවලට තාරුකා අකැමැතිද?
නැහැ… ඇත්තටම මං කැමැතියි. පහුගිය කාලේ ආරාධනා ලැබුණ නමුත් shooting නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒත් මේ ළඟකදී නං මට වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබුණේ නැහැ.
දැන් ආරාධනාවක් ලැබුණොත් පිළිගන්නවද?
අනිවාර්යයෙන්ම
බොහෝ රංගන ශිල්පිනියන් හාස්‌යෝත්පාදක නිර්මාණවල දකින්නට ලැබුණත් ඔබව නං දකින්නට ලැබෙන්නේ නැහැ නේද?
ඒ නිර්මාණවල ඉන්න අය ගැන මං මුකුත් කියන්නේ නැහැ, ඒක වරදක් කියලා. මොකද ඒක හොඳයි. රංගනයෙන් මිනිසුන් හිනස්‌සන්න පුළුවන් නං මං හිතන්නේ ඒක වෙනමම දක්‌ෂතාවක්. නමුත් එවැනි නිර්මාණ සඳහා මට ආරාධනා ලැබෙන්නේ නැහැ.
ඇයි ඒ?
දන්නේ නෑ ඇයි කියලා. සමහරවිට ගැලපෙන්නේ නැද්ද දන්නේ නැහැ මාව. එවැනි චරිතයක් වුණත් ලැබුණත් උපරිමයෙන් හොඳට කරන්න උත්සාහ කරනවා මම. මෙහෙමත් දෙයක් හිතෙනවා මට සමහරවිට මේ හැම දේටම වඩා හොඳට මං ඒවගේ චරිත කරයිද දන්නෙත් නෑ. කොහොම වුණත් එවැනි චරිතයකට ආරාධනා ලැබිලා නැහැ.
විවාහ වෙන්න කාලේ හරි කියලා ගෙදරින් කියන්නේ නැද්ද?
ගෙදරින් නං තාම බලපෑමක් නෑ. මොකද මේ වැඩවල ඉන්නකොට එහෙම දෙයක් ඔළුවට දාගත්තමත් කරදර නිසා එයාලා ඒ ගැන මට කරදර කරන්නේ නෑ. ඒ දේවලුත් හරිම කාලෙට සිද්ධ වෙයි මොකද මෙච්චර කාලයක් හැමදෙයක්‌ම හරි විදිහට සිද්ද වෙලා තියෙනවා මගේ ජීවිතේ.
එතකොට පෙම්වතා?
තාම එහෙම කෙනෙක් තෝරාගෙන නෑ ඉතිං…
යෝජනාවක් ආවොත්
ම්…… හිතලා බලන්න පුළුවන් නේද…
කොහොම කෙනෙකුටද තාරුකා කැමැති?
එහෙම ලොකුවට හිතලා නෑ මේ වගේ කෙනෙක් විය යුතුයි කියලා. නමුත් අවංක කෙනෙක් වුණොත් හොඳයි.
එතකොට විවාහ වෙන්න හිතන් ඉන්නේ කොයි කාලේද?
තව අවුරුදු තුනකින්. ඉදිරි අවුරුදු තුන ඇතුළත විය යුතුමයි විවාහය.
සමහරු ජනප්‍රියත්වයට බාධා වෙයි කියලා විවාහය පස්‌සට දානවා නේද?
ජනප්‍රියත්වය කියලා මගේ පුද්ගලික ජීවිතය අමතක කරන්නත් බෑනේ නේද….
මොන විදිහේ මනාලියක් විදිහට සැරසෙන්නද කැමැති?
උඩරට මනාලියක් විදිහට
මේ ක්‌ෂේත්‍රයේම කෙනෙක් වුණොත්?
ක්‌ෂේත්‍රයේ ඉන්නෙත් ඉතිං මනුස්‌සයොනේ…. නේද…. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම යෝජනා ඇවිල්ලත් නැහැ තාම, ඒ වගේම ඒ ගැන හිතලත් නැහැ මං තාම. හිත ගිය තැන මාලිගාව කියනවනේ. බලමුකෝ නේද… හැබැයි ඉතිං මටත් හිතෙනවා මං මේ ක්‌ෂේත්‍රයේ කෙනෙක් තෝරා ගනී කියලා හිතන්න අමාරුයි කියලා.
ව්‍යාපාරිකයෙක් වුණොත්?
ඒත් කමක් නෑ…..
යුගන්ති යශෝදරා