Nov 25

තිරිමාදුර අයියා ඇල්ලුවාම මට තරු පෙනුණා සුරුපි ටනාෂා කියපු කතාව

* ටනාෂා කොහොමද ඔබට ද රේන්බෝ සඳහා අවස්ථාව ලැබෙන්නේ?

නලීන් රාජපක්ෂ අයියා හඳුනා ගැනීමෙන් පසුව ඔහු මට මේ චරිතය දුන්නා. මං එතකොට එකම එක ටෙලි නාට්‍යයකට පමණයි රංගන දායකත්වය දීලා තිබුණේ. නලීන් අයියට මං කෙරෙහි විශ්වාසයක් ඇතිවෙන්ට ඇති. මේක මගේ පළමු චිත්‍රපටය නිසා පුළුවන් තරමට චරිතයට සාධාරණයක් ඉටු කළා.

* ඔබ ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවන විදිහට නේද?

ඔව්. මගේ අම්මාගේ යාළුවකුගේ සැලොන් එකක බෝඩ් එකකට මගේ රුව යොදාගත්තා. ඒක දැකලා මට වෙළෙඳ දැන්වීමක රඟපාන්න ලැබුණා. කාලයක් මෝස්තර නිරූපණයේ යෙදිලා හිටියා. ඔය අතරතුරදී දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වෙලා දෙවැනි තැනට පත් වුණා. මගේ එකම එක ටෙලි නාට්‍යය වන තිමිර ගිර හි මං රඟපෑවේ ඔය කාලේ.

* දැන් ඔබ මෝස්තර නිරූපණයේ යෙදෙන්නේ නැතිද?

දැන් වැඩිය නැහැ. මේ වන විට මං වැඩි බරක් දීලා තියෙන්නේ රංගනයට. විශේෂයෙන් සිනමා රංගනයට.

* ඇයි ඔබ ටෙලි නාට්‍යවලට ප්‍රියතාවයක් දක්වන්නේ නැත්තේ?

මං මේ වන විට සිනමාපට තුනකට දායකත්වය ලබාදී තිබෙනවා. රේන්බෝ එකක්. ඉදිරියේදී තිරගවීමට නියමිත මොහාන් නියාස්ගේ බඹර වසන්තය සහ චන්න පෙරේරාගේ පුංචි වීරයෝ තමයි අනෙක් සිනමාපට යුගල. මෙන්න මේවායේ වැඩ කරද්දී මට හිතුණු කාරණයක් තමයි දිගින් දිගටම සිනමාවේ ඉන්නවා කියලා. මට ලොකු කැමැත්තක් ඇති වුණා චිත්‍රපට ක්ෂේත්‍රය සඳහා. ටෙලි නාට්‍ය මං ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මං වඩාත් කැමැති සිනමාවට.

* සිනමාවේ රැඳී සිටිනවා නම් රංගනය පිළිබඳ හැදෑරීමක් කළ යුතුමයි. ඔබ එහෙම හදාරන්නේ නැහැ?

මං තවම රංගනය හදාරන්නට පටන් ගත්තේ නැහැ. ඉදිරියේදී අනිවාර්යයෙන්ම රංගනය ගැන විධිමත් හැදෑරීමක යෙදෙනවා.

* රේන්බෝහි ජනමාධ්‍යවේදිනියගේ චරිතය පිළිබඳ ඔබ අධ්‍යයනයක් කළාද?

නැහැ. අධ්‍යක්ෂවරයා මුණ ගැසිලා ඉතාම කෙටි කලකින් චිත්‍රපටියේ රූගත කිරීම් ආරම්භ කළා.

* රේන්බෝ රූගත කරද්දී සිදු වුණු අමතකම නොවන සිදුවීම මොකක්ද?

මේ චිත්‍රපටයේ සටන් ජවනිකා කිහිපයක්ම තියෙනවානේ. මටත් ඒවාට දායකත්වය සපයන්න වුණා. එතකොට ඒ දර්ශන ඉවරවෙද්දී මගේ අතපය හොඳටම හීරිලා. හැම තැනම දැවිල්ලයි. ඒ වේදනාව විඳ දරගෙන මං අවස්ථා කිහිපයකදීම රඟපෑවා. මට ඒවා අමතක වෙන්නේ නැහැ.

* එතකෙට අපහසුවෙන්ම රඟපෑ දර්ශනය?

චිත්‍රපටයේ අන්තිම සටනෙදි කුමාර තිරිමාදුර අයියා මගේ අතින් ඇදගෙන යන දර්ශනයක් තිබුණා. ටේක් එකේදී ඔහු මගේ අතින් අල්ල ගත්තු විදිහට මට තරු පෙනුණා. එවලේ මං ටිකක් අපහසුවෙන් රඟපෑවේ.

* රංගනයේ යෙදෙන කොට ඔබ විසින් චරිත තෝරා බේරා ගැනීමක් සිදු කරනවාද?

රඟපාන්න අකැමැති චරිත නැහැ. හැබැයි මං රඟපානකොට තෝරා බේරා ගැනීමක් සිදු කරනවා. ඒක අනවශ්‍ය තෝරා ගැනීමක් නෙවෙයි.

* ඇගේ ඇස අග වගේ සිනමාපටයකට ආරාධනා කළොත් ඔබ ඊට දායක වෙනවාද?

ඇගේ ඇස අග සිනමාපටයේ රඟපෑම චරිතය මට සුදුුසු එකක් නෙවෙයි. මම එහෙම කියන්නේ මට එහෙම සිනමාපට ගැළපෙන්නේ නැහැ කියන එක නෙවෙයි. මං කැමැතියි ගුණාත්මක චිත්‍රපටවලට එකතුවන්න. හැබැයි මං ගැළපෙන චරිතයක් ඇත්නම් පමණයි.

* ඇයි ඔබ රංගන ශිල්පිණියක් වුණේ?

ඒක අහම්බයකින් සිදු වූවක් නෙවෙයි. කලක් තිස්සේ රංගන හීනයක් තිබුණා. බොහොම කැමැත්තෙන් හිටියේ රඟපාන්න. ඒකයි රංගනයට අවස්ථාව ලැබුණාම පැනලා ගියේ.

* රංගන ජීවිතය තුළ මොකක්ද ඔබගේ අරමුණ?

සම්මානනීය නිළියක් වෙන එක තමයි.

* ඔබ මේ කතා කරන මොහොත වන විට ද රේන්බෝ සිනමාපටය ශාලාවලින් ඉවත් වෙලා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?

ඇත්තටම අයියා මං මේ ආර්ටිකල් එකට සරසවියට එනකොට රීගල් එක දිහා බලාගෙන ආවා. එතකොටයි දන්නේ චිත්‍රපටය ගලවලා කියලා.

* මොකද හිතුණේ?

ලොකු දුකක් දැනුණා. මොකද මේක මගේ පළමු චිත්‍රපටයනෙ. නමුත් චිත්‍රපටය තිරගත වූ කෙටි කාලය අතරතුරදී මට ලැබුණු ප්‍රතිචාරයන් එක්ක සතුටු වෙන්න හැකියාව තියෙනවා. කෙසේ වෙතත් චිත්‍රපටය මෙතරම් ඉක්මනින් ගැලවේවි කියලා මං හිතුවේ නැහැ.

* ටනාෂාගේ ගෙවල් කොහේද?

ගොතටුවේ.

* ඉගෙන ගත්තු පාසල?

නාවල ජනාධිපති සහ ශාන්ත අන්තෝනි යන විදුහල්වලින් මං ඉගෙන ගත්තා.

* පෙම්වතා පිළිබඳ විස්තර සඳහන් කාළොත්?

ඒ ගැන පස්සේ කියන්නම්.

* ටනාෂාගේ පවුලේ විස්තර?

අම්මයි, මමයි, නංගිලා තුන්දෙනයි.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දුන්නොත්?

හරිම සරල කෙනෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.