Nov
30
පෙම්වතිය ලස්සන වැඩි නිසා පෙම්වතා මුහුණ පුච්චලා

නඩු පැවරූ පාර්ශවය ඔහුට වසර 15ක සිර දඬුවමක් ඉල්ලා සිටියද ඊට තවත් වසර තුනක් එකතු කිරීමට විනිසුරු පියවර ගෙන ඇත. ඊට හේතුව ඔහු සිය ගැබිණි පෙම්වතියට පහරදීමට උත්සාහ කිරීමයි.
ගැබිණි පෙම්වතිය 38 හැවිරිදි වන අතර සිය පෙම්වතා වන පියට්‍රොපාලෝ සමග ඇතිවූ ගැටුමකින් පසු ඔහු ඇයට ගැසලින් මගින් ගිනි ඇවිලවීමට කටයුතු කර ඇත. අසල්වැසියකු සිදුවීම දැක ඇගේ ශරීරයට ඇවිලී තිබූ ගිනි දැල් නිවා දැමීමට පියවරගෙන ඇති අතර පසුව රෝහල් ගත කළ ඇයට ශල්‍යකර්ම 21 ක් සිදුකර තිබේ. පසුව වෛද්‍යවරු ඇගේ කුසේ සිටි දරුවා බේරාගෙන එළියට ගෙන ඇති අතර මේ වනවිට ඇගේ දියණියට මාස 9කි.
පොලිසිය පියෙට්‍රොපෝලෝගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කියා ඇත්තේ සිය පෙම්වතිය ඝාතනය කිරීමට ඔහුගේ අදහසක් නොතිබූ බවත් ඇගේ මුහුණ ඉතා ලස්සන නිසා එය පිළිස්සීමට උත්සාහ කළ බවත්ය.
ඇය සමග හාද වීමට වෙනත් පුද්ගලයකු උත්සාහ කිරීම පියෙට්‍රොපෝලෝගේ වෛරයට හේතුවී ඇති බවත් කියති. ඔහුට සිය දියණිය ඇසුරු කිරීමද අධිකරණය විසින් තහනම් කරනු ලැබීය.
ඊට අමතරව ඔහුට සිය බිරියට වන්දි වශයෙන් ඩොලර් 225000 (රුපියල් 33426332ක්) සහ දියණියට ඩොලර් 50,000ක් (රුපියල් 7428073) ක් ගෙවීමට අධිකරණය නියම කළේය.
