Dec
01
ඉන්ධන වර්ග දෙකක මිළ අද සිට ඉහළට
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEE0GFGqq-hYKU-_9AwVvLR_2EX6OA8XCGj1uYhmwtexHvSKrLYjDH3rlEoRAEoD907Ibur2EWFjEJTqFYN_YyUiGfkvwH8Jq5gk8zaZ4aKchHg_T_-BjQjHAgSc7QxnJwgrH72mU87Sk/s320/oil-prices.jpg)
අද සිට මෙම මිළ ගණන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඉන්දියානු ඔයිල් සමාගම විකුණන එක්ස්ට්‍රා මයිල් ඩීසල් වර්ගය රුපියල් දෙකකින් පසුගිය අගෝස්තු මස 09වන දින මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩු කළ අතර එය මෙලෙස අද සිට වැඩි කර තිබෙනවා.
ලංකා I.O.C. සුපිරි පෙට්‍රල් සහ ඩීසල් මිල පසුගිය මාර්තු 1 වන දා ද අඩු කළ අතර, ජුලි 1 වන දා සිට නැවත ඉහළ නංවනු ලැබුවා.
මෙරට ඉන්ධන අලෙවියේ සිල්ලර මිල තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර වෙළදපොළේ තෙල් මිලට සාපේක්ෂව මිල සූත්‍රයක් සකස් කළ යුතුව ඇති බව ලංකා I.O.C. කළමනාකාර අධ්‍යක්ෂවරයා පසුගිය කාලයේද සඳහන් කර තිබුණා.