Nov
26
ෆිදෙල් කස්ත්‍රෝ සමු ගනී

කියුබානු සමාජවාදී ආණ්ඩුවේ පළමු නායකයා වන කැස්ත්‍රෝඅ දසහකයේදී ඇමරිකානු පලනයෙන් සිය රට මුදවා ගැනීම සඳහා එවකට පාලක බැටිස්ටාට එරෙහිව ක්‍රියා කළේ ය.
සුප්‍රකට දේශපාලන චරිතයක් වන චේ ගුවේරා සිය සමීප මිතුරා වශයෙන් ඇසුරු කළ කැස්ත්‍රෝ චේ සහ සිය සොහොයුරා වන රාවුල් කැස්ත්‍රෝ හා එක්ව ඓතිහාසික කියුබානු විප්ලවයට දායක වූ පුරෝගාමියකු වූයේ ය.
සිය 90වැනි විය සැපිරූ කැස්ත්‍රෝ සිය ජීවිතයෙන් සමු ගත් බව කියුබානු රාජ්‍ය මාධ්‍ය මේ වන විට වාර්තා කරමින් සිටී.
සිය ජීවිතයේ අවසාන වරට කැස්ත්‍රෝ ජනතාව ඇමතුවේ කියුබානු කොමියුනිස්ට් පක්ෂ සමුළ්වේදී ය.
එහිදී ඔහු සිය ජීවිතයේ අවසන් වරට ජනතාව අමතන දිනය එය වන බව කැස්ත්‍රෝ ජනතාව හමුවේ ප්‍රකාශ කළේ සමස්ත රට හා ලෝකවාසී ප්‍රජාවද හැඟීම්බර කරවමිනි.
ෆිදෙල්, ඔබ පැවසූ පරිදි විප්ලවයට ජය වේවා.