Oct
07

ජකර්තා නුවර ඇති මෙම ප්‍රචාරක පුවරුව පරිගණක මාර්ගයෙන් පාලනය වෙන අතර ඊට අදාළ රහස් අංක සොයා ගනිමින් අනවසරයෙන් මෙම අසභ්‍ය දර්ශන එක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
තොරතුරු තාක්ෂණ විශ්ලේෂකයෙකු වන විසි හතර හැවිරිදි තරුණක් මේ පිලිබඳ වරද පිළිගෙන ඇති අතර ඊට සය වසරක් දක්වා සිර දඬුවම් හිමි විය හැකි බවයි පැවසෙන්නේ.
විනාඩි පහක් පමණ මෙම අසභ්‍ය වීඩියෝව ප්‍රදර්ශනය වී ඇති අතර එය නවතා දැමීමට විදුලිය විසන්ධි කිරීමට සිදු වී ඇතැයිද සඳහන්ය.
කෙසේ නමුත් එම කෙටි කාලය තුළ බොහෝ දෙනෙකු මෙම දර්ශනය තම ජංගම දුරකථනය ඔස්සේ පටිගත කර සමාජ මාධ්‍ය ජාලාවන්ටද එක් කර අවසන් බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ .
මුලාශ්‍රය BBC ලෝක පුවත් සේවය