Oct
16
ඩුබායි මාළිගාවේ හොරකමේ ගියැයි අත්අඩංගුවට ගත් ලාංකික ගෘහසේවිකාවන්ට සිදුවූ දේ

ඩුබායි පාලකවරයෙකුට අයත් මාළිගාවක තිබූ වටිනා ස්වර්ණාභරණ තොගයක් හා ස්මාර්ට් ජංගම දුරකථන කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා වූ අතර මේ සම්බ්න්ධයෙන් සැකපිට එම මාළිගාවේ සේවය කළ ලාංකික ගෘහසේවිකාවන් දෙදෙනෙකු ඩුබායි පොලිසීය විසින් අත්අඩංගුවට ගත්තා.
පසුව ඔවුන් දෙදෙනාට එරෙහිව ඩුබායි අධිකරණය හමුවේ නඩු පැවරීමටද ඩුබායි පොලීසිය පියවර ගනු ලැබුවා.
නමුත් මෙම සොරකමට අදාළ පරීක්ෂණ පැවැත්වීමේදී මොවුන් දෙදෙනා ඊට සම්බන්ධ බවට ඩුබායි පාලකවරයාගේ පවුලේ සාමාජිකයින් චෝදනා නොකිරීමත් සමග ඔවුන්ට එරෙහිව පැවති සොරකම් කිරීමේ චෝදනාව ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසන බවයි මාධ්‍ය අනාවරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ චෝදනාවන්ට ලක්ව සැකපිට අත්අඩංගුවට පත් ලාංකික සේවිකාවන් දෙදෙනාගේ අනන්‍යනතාවය හෙලිදරව් නොකිරීමට ඩුබායි පොලීසිය තීන්දු කර තිබෙනවා.