Oct
26
බස් එකේ එන ගමන් එක පාරටම හුස්ම නැවතුණු හිත හොඳ ඡායාරූප ශිල්පියාගේ ඉරණම (Photos)

මෙසේ මියගොස් ඇත්තේ මරදන්කඩවල කදිරාගම පදිංචි 30 හැවිරිදි කිංස්ලි ප්‍රභාත් කුමාර සේකර නමැති අයෙකි.
බස් රථය මරදන්කඩවල නගරය පසුකර ගල්කුලම ප්‍රදේශයට පැමිණෙන විට එක වරම අසුනකින් පුද්ගලයකු වැටෙනු මගීහු දැක ඇත.
ඒ අනුව ඔහු ඔසවා නැවැත ආසනයේ මත හිඳුවා ඇතත් එම පුද්ගලයා වචනයක් හෝ කතා නොකිරීම නිසා බස් රථ රියැදුරා සහ කොන්‍ෙදාස්තරවරයා මගීන්ගේ සහාය ලබාගෙන වහාම ඔහු ළඟම පිහිටි මිහින්තලේ රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.
මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ මිහින්තලේ පොලිසිය විසින් සිදුකෙරේ.




