Sep
22

බෙල්ජියම්‍ෙ රාේගී දරුවෙක් වෛද්‍යය සහයෙන් ඔහුගේ ජීවිතයට සමුදී තිබ්‍ෙ. බෙල්ජියම තුල මාරාන්තික තත්වයෙන් පසුවන රෝගීන් සිය කැමැත්තෙන් මරණය වැළදගැනීම සදහා අවසර ඇතත් 2014 වනතෙක් මෙම නීතිය අනුව රෝගී දරුවනට ඒ සදහා නීතිමය අවසරය හිමි නොවීය.
බෙල්ජියම් ෆෙඩරල් යුතනේසියා කොමිසම නිව්‍ෙදනය කලේ මෙම තහන්චිය 2014දී ඉවත් කලද මෙලෙස සිය කැමැත්තෙන් දරුවකු සියදිවියෙන් සමුදුන් ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. මෙලෙස මියගොස් ඇත්තේ දරාගත නොහැකි ශාරීරික ව්‍ෙදනාවකින් පසුවූ, මාරාන්තික රාේගී තත්වයකින් පෙළුුනු ෆ්ලෙමිශ් පළාතේ දරුවෙකි. මෙම නව නීතිය අනුව ඕනෑම වයසක පසුවන මාරාන්තික රෝගයකින් පෙළෙන්නකුට ස්ව කැමැත්තෙන් මරණයට පත්වීම්‍ෙ හැකියාව ඇති එකම රට වන්නේ බෙල්ජියමයයි.
මෙම මරණයෙන් පසු අදහස් දැක්වූ බෙල්ජියම් ෆෙඩරල් පාලන හා අගැයුම් කමිටුවේ ප්‍රධානියා පැවසූයේ තවත් මෙවන් මාරාන්තික රෝගී තත්වයෙන් පසුවන තවත් දරුවන් කිහිපදෙනෙකුම මෙම අවස්ථාව සදහා අයදුම් කර ඇති බවයි. මෙම අවස්ථාව ලබා ගැනීමට සුදුසුකම් කිහිපයක් සපුරා තිබිය යුතුය. එනම් මරණය ඉල්ලා සිටින රෝගියා මාරාන්තික රෝගයේ අවසන් අදියරේ පසුවිය යුතු අතර රෝගියාට මරණය පිළිබදව තාර්කික අවබොධයකින් පසුවිය යුතුයි.
එමෙන්ම රෝගියා මරණය ඉල්ලා අවස්ථා කිහිපයකදී ඉල්ලුම් කර තිබිය යුතුයි. රෝගියා මරණයට පත්කිරීමට සුදුසු බව මනෝ වෛද්‍යය වරුන් හා තවත් වෛද්‍යය වරුන් නිර්දේශ කර යුතු අතර දෙමව්පිය කැමැත්තද හිමිවිය යුතුයි.ඕලන්දයේද මෙම නීතිය සදහා අවසර දී ඇති නමුතු වයස 12ට අඩු අයට මෙම අවස්ථාව හිමිනොව්‍ෙ. මෙම නීති පිළිබදව ළමා රෝග විශේෂඥයන් හා පූජ්‍යය පක්ෂ දැඩි අප්‍රසාදය පළකරයි.