Sep
22
යළි යුද්ධයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නෑ - ජනපති ජගත් සමුළුවේදී කියයි
ස්වදේශවාදී චින්තනය මුල්කරගත් අන්තර්ජාතික සහයෝගීතාවය පිළිබඳ ජනපති එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
ශී‍්‍ර ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමට නව රජය කැපවී සිටින බව ද පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාව තුළ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලූ පියවරයන් ගන්නා බවද අවධාරණය කළේය.
ස්වදේශවාදී දැක්මක් සහිතව සමාජ ප්රජාතන්ත්රවාදී ගමනකට අද ශී‍්‍ර ලංකාව මුල පුරා ඇති බවත් ඉතා ඉවසීමෙන් සහ සංයමයෙන් යුතුව එම ගමන යා යුතු බවත් මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එම ඉලක්ක කරා ළඟාවීමට ලෝකයේ සියලූ රාජ්‍යයන්හි හා අන්තර්ජාතික සංවිධානවල සහාය තමා අපේක්ෂා කරන බවද කියා සිටියේය.