Sep
03
උතුරේ බුදු පිළිම කඩා දැමීම ගැන කඩිනමින් පරීක්ෂණ අවශ්‍යයි - අස්ගිරි මහා නාහිමි

ඒ පසුගියදා (01) පස්වරුවේ උන්වහන්සේ බැහැදැකීමට අමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදීයි.
එවැනි ක්‍රියා තුළින් රටේ සහජීවනයට බලවත් පහරක් එල්ල වන බව එහිදී උන්වහන්සේ අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කොට සිටියා.
මේ පිළිබදව තමන්ගේ පෞද්ගලික අවධානය යොමු කොට කඩිනම් විසදුමක් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී මහනායක හිමියන්ට දැනුම් දෙනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙවැනි සිද්ධි ජාතික සමගියට මෙන්ම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන බව පවසා සිටියා.
එමෙන්ම මෙවැනි සිදුවීම් යළි නොවීමට වග බලා ගත යුතු බවත් මේ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.