Sep
16
මාස 8කදි ලංකාවේ තරුණියන් 1570කගෙන් Facebook පැමිණිලි

මින් වැඩිපුරම පැමිණිලි ලැබී ඇත්තේ කාන්තා පාර්ශ්වයෙන් බවත්, එම ප්‍රමාණය සියයට 60 ක් බවත් හෙතෙම කීය.
මුළු දිවයිනෙන්ම ෆේස්‌බුක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්‌වූ රොෂාන් චන්ද්‍රගුප්ත මහතා මෙසේ ද කීය.
“ව්‍යාජ ගිණුම් සෑදීම සම්බන්ධයෙන් තමයි අපිට වැඩිපුරම පැමිණිලි ලැබිල තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි පරීක්‍ෂණ සිදු කරනවා.
“ඒ වගේම ෆේස්‌බුක් පරිහරණය කරන හිතවතුන්ගෙන් දෙයක් ඉල්ලා සිටින්න කැමැතියි. ඒ ෆේස්‌බුක්‌වලට තමුන්ට අවශ්‍ය කරන පින්තූර විතරක් අප්ලෝඩ් කරන ලෙසයි. අනවශ්‍ය පින්තූර දමන්න එපා. ඒ වගේම පින්තූර ෆේස්‌බුක් එකට දානකොට තමන්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්‌ට් එකේ ඉන්න මිතුරු මිතුරියන්ට විතරක් බලාගන්න දාන්න. එසේම තමන්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්‌ට් එකේ තමන්ගේ හරි යාළුවෝ විතරක් තියාගන්න. එතකොට ඔය ගැටලු මතුවන්නේ නැහැ.
ෆේස්‌බුක් සම්බන්ධ පැමිණිලි ඇත්නම් 0112-691692 කියන අංකයට දැනුම් දිය හැකි බවද චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.