Aug
10
පුනුරුත්ථාපිත කොටින්ට විෂ එන්නත් කරල -විගනේශ්වරන්

යුද්ධය අවසානයේ ඔවුන් නැවතත් සමාජයට මුදාහැරිය නමුත් ඔවුනට විෂ එන්නත්කර ඇතිබවට සැක සහිත බව උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන් හා පළාත් සභා දෙමල සංධාන මන්ත්‍රී රවීකරන් පවසයි.
ඔවුන් ඊයේ (9) ම්‍ෙ හේතුවෙන් ජාත්‍යයන්තර වෛද්‍යය පරීක්ෂණයක් සිදුකලයුතු බවට උතුරු පළාත්සභාවට යෝජනාවක් ඉදිරිපත්කර තිබ්‍ෙ. එම යෝජනාව එහිදී බහුතර ජන්දයෙන් සම්මතවී තිබ්‍ෙ.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් වැඩි පිරිසක් හදුනා නොගත් රෝග වලට ගොදුරුව ඇති බවත් තවත් සාමාජිකයන් 107ක් හදුනානොගත් රෝග හේතුවෙන් මියයාමත් සිදුව ඇත්තේ මෙම විෂ එන්නත් කිරීම හේතුවෙන් බවයි.
වෛද්‍යය පරීක්ෂණයට සහභාගීවන වෛද්‍යය කණ්ඩායම තෝරාගැනීම්‍ෙ පටිපාටිය හා විදේශ රටක සිදුකිරීම සදහා රජය අනිවාර්්‍යයයෙන් එකගවිය යුතු බවත් තවදුරටත් පැවසීය. එමෙන්න මෙම ඉතුරු පුනුරුත්ථාපනය වූ සාමාජිකයන්ගේ විස්තර හා වාර්ථා ලබාදිය යුතු බවත් වැඩිදුරටත් පවසයි.