Aug
04

ලෝකයේ ඇතිවී තිබෙන රථවාහන මාර්ග තදබදය සදහා චීනය ඔවුන්ගේ නවතම විකල්පය ඊයේ (3) එලිදැක්වින. ට්‍රාන්සිට් එලව්‍ෙටඩ් බස් (Transit Elevated Bus) ලෙස හදුන්වන මෙම නවතම බස්රථය හේතුවෙන් මාර්ග වල පවතින වාහන තදබදය
නැති කිරීමට හැකිවන බවට එහි නිර්මාණකරුවන් පවසයි. මෙමගින් තදබදය නිසා මිනිසුන්ගේ අපතේ යන කාලය නැති කරීමට හැකිව්‍ෙ යයි ඔවුන් පවසයි.
මෙම බස්රථයේ විශේෂත්වය වන්නේ බස්රථය ගමන් ගන්නා අතරතුර බස්රථය යටින් වෙනත් වාහන වලට ගමන් කිරීම්‍ෙ හැකියාවක් පැවතීමයි. චීනයේ ටී.ඊ.බී (TEB) යන කෙටි නමින් හදුන්වන මෙම බස්රථය විදුලියෙන් ධාවනය ව්‍ෙ.
මෙම බස්රථය හා මාර්ගය අතර මීටර 2ක පරතරයක් ඇති පරිදී සකසා ඇති අතර බස්රථයේ මුළු දිග මීටර 21ක් පමණ ව්‍ෙ. පළලින් අඩි 25ක් වෙන මෙම බස්රියේ මගීන් 300කට සුවපහසුව ගමන්කර හැක. මෙම එක් බස්රථයක් මාර්ගයේ ගමන් කිරීමෙන් සාමාන්‍යය මගී බස්රථ 40ක් ගමන් කරනා මගීන් ගනනකට ගමන් කර හැකි බව මෙහි නිර්මාතෘ පවසයි.
ජායාරෑප හා වීඩියෝ පහලින් බලන්න






