Aug
08
අධ්‍යයාපන දෙපාර්ථම්‍ෙන්තු සහකාර අධ්‍යයාපන අධ්‍යයක්ෂ ගල් ප්‍රහාරයෙන් මරුට

දුම්රියේ ගමන්කරමින් සිටි මගියෙකුට එල්ලකල ගල් ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු ඊයේ (7) රාත්‍රී මියගොස් තිබ්‍ෙ.
මෙම ප්‍රහාරයට ලත් පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ දින 5ක් ප්‍රතිකාර ලබමින් සිට තිබ්‍ෙ. මියගොස් ඇත්තේ කේ.එල්.පුෂ්පකුමාර යන 49 හැවරිදි තිදරු පියෙකු වන උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්ථම්‍ෙන්තු සහකාර අධ්‍යයාපක අධ්‍යයක්ෂකවරයෙකි.
මියගිය පුද්ගලයා අනුරාධපුර හතරුස්වල අළපාර පදිංචිකරුවෙකි. රාජකාරී කටයුත්තක් සදහා පසුගිය 3 වනදා සවස කොළඔ පැමිණ රාජකාරී අවසන්කර කොටුව දුම්රිය පොළේ සිට වවුනියා බලා ගමන් කරන සීඝ්‍රගාමී දුමිරියෙන් අනුරාධපුර බලා යාම්‍ෙදී පිටත සිටි අයෙකු රාගම ප්‍රදේශයේදී දුමිරියට විසිකල ගල් පහරක් ජනේලය අසල සිටි මියගිය පුද්ගලයාගේ හිසට වැදී ඇත.මොහු අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් බැස රෝහලට ගෙනයන අතර සිහිසුන්වී තිබ්‍ෙ.