Aug
13
පෙල්ප්ස් අන්තිමේදී පරදියි
සිංගප්පූරුවේ ජෝශප් ස්කුලීන් තත්ත්පර 50යි දශම 3යි 9ක කාලයකින් තරගය නිම කරමින් මෙහි රන් පදක්කම දිනාගත්තා. මෙය නව ඔලිම්පික් වාර්තාවක් ද වනවා. තත්ත්පර 49යි දශම 8යි 2ක් වන මෙම ඉසව්වේ ලෝක වාර්තාව තවදුරටත් හිමිව තිබෙන්නේ අමෙරිකානු ක‍්‍රීඩක මයිකල් පෙල්ප්ස්ටයි. කෙසේ වෙතත් අද ඔහුගේ තරග නිමි කාලය ඊට වඩා තත්ත්පර 2ක් පමණ පසුපසින් පැවතියා. ඒ, තත්ත්පර 51යි දශම 1යි 4ක් ලෙසයි.
ඒ අනුව මෙම ඉසව්වේ රිදී පදක්කමින් සෑහීමට පත්වීමට මයිකල් පෙල්ප්ස්ට සිදුවුණා. 2008 සහ 2012 යන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල දෙකේදීම මෙම ඉසව්වේ රන් පදක්කම්ලාභියා ඔහුයි. මෙවර තරගාවලියේදී මේ දක්වා රන් පදක්කම් 4ක් දිනා ගැනීමට ඔහු සමත් වී තිබෙනවා.