Aug
07
නිවසක් අඩි 60 ක් ගැඹුරට ගිලා බසී (ඡායාරුප සහිතයි)
ගිනිගත්හේන පොල්පිටිය ප‍්‍රදේශයේ පිහිටි නිවසක් අද (07) උදෑසන විශාල ගිලා බැසීමකට ලක්ව තිබෙනවා. අදාළ නිවස අඩි 60 ක් පමණ ගැඹුරට ගිලා බැස ඇති බවයි පැවසෙන්නේ.
මේ නිසා ගම්මානයේ ජනතාව සහ අවට පදිංචිකරුවන් දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටින බවත් ආරංචි වෙනවා.
ගිනිගත්හේන පොල්පිටිය ප‍්‍රදේශයේ ආරම්භ කර ඇති ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක කැණීම් කටයුතු සිදුකරන උමං මාර්ගයක ඉහළින් පිහිටි නිවසක් මෙලෙස ගිලා බැස්මට ලක් වුණා.
පොල්පිටියේ සිට කිතුල්ගල, කළුබෝතැන්න දක්වා කිලෝමීටර 4 ක් දුරට මෙම උමං මාර්ගයේ කැණීම් කටයුතු සිදු කෙරෙනවා. උමං මාර්ගයට ඉහළින් නිවාස 12 ක පදිංචිව සිටි ජනතාව තාවකාලික ස්ථාන කරා යොමු කිරීමට ව්‍යාපෘතිය භාර නිලධාරීන් කටයුතු කර තිබුණා.
එසේ පදිංචිකරුවන් ඉවත් කෙරුණු නිවසක් මෙලෙස ගිලා බැසීමට ලක්ව තිබෙනවා. නිවස ඉදිරිපිට තිබූ අඹ ගසක් සහ පොල් ගසක්ද ගිලා බැස ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.