Aug
31
නමින් හැදින්වූ ඩයනා කුමරිය සිය ජීවිතයෙන් සමුගෙන අදට වසර 19ක් ගතව ඇත.
අකාලයේ මියගිය ඇයගේ මරණයෙන් එංගලන්ත ජනතාව පමණක් නොව ලොව පුරාම ජනතාව කම්පාවට පත්වූහ. විසිවන සියවසේ වැඩිම පිරිසක් නැරඔූ විවාහ මංගල්‍යය හා එම සියවසේ වැඩිම පිරිසක් නැරඔූ අවමංගල උත්සවය යන දෙකේම වාර්ථාව හිමිවන්නේද ඇයටයි.
මාධ්‍යය හා එරට රජය ප්‍රකාශ කරන්නේ ඇය ඇගේ පෙම්වතා වන ඩෝඩී අල්ෆ් (Dodi Alf) යන ඊජිප්තු ජාතික චිත්‍රපට නිශ්පාදකයා සමග ගමන් කරමින් සිටියදී උමං මාර්ගයක් තුල එහි තාප්පයක ගැටී අණතුරට පත්ව මියගොස් ඇති බවයි. මෙම අණතුරින් මෙම දෙදෙනාම මියගොස් ඇත. බ්‍රිතාන්‍යය පුවත්පත් හා මාධ්‍යය වාර්ථා කරන්නේ ඇයගේ සමුගැනීම සිහිකර කිසිදු දේවමෙහෙයක් හෝ ඇය සිහි කිරීමක් බ්‍රිතාන්‍යය රාජ මාලිගාව්ෙ කිසිවෙකු සිදු නොකල බවයි.
ඇය මියගිය දින සැතපුම් ගණනාවක් පුරා මාලිගාව වටා මල් කලඔවල් තබා තිබූවත් වසර 19ක් වන අද දින ඇය මියගිය දින සිහිකිරීමට එකදු මල්කලඔක් වත් නොතිබූ බවයි. මාධ්‍යය තවදුරටත් පවසන්නේ ඇය අසීමතව ආදරය කල ඇයගේ පුතුන් වන විලියම් කුමරු හා හැරී කුමරු සිය මව සිහි කිරීමට කිසිදු ක්‍රියාවක් නොකල බවයි. මීට වසර 19කට පෙර වූ එම අණතුර තවමත් බොහෝ පිරිසක් පිලිගන්නේ මාර්ග අණතුරක් නොව සිතාමතා කල මරණයක් බවයි.