Jul
18
SVS මත් ද්‍රව්‍යය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

බගවන්තලාව ප්‍රදේශයේදී අද එස්.වී.එස් නමින් හදුන්වන මත්කුඩු තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
බගවන්තලාව පොලීසියේ නිලධාරීන්විසින් කල මෙම වැටලීමේදී සැකකරැ සන්තකයේ මත් කුඩු ටින් වල අසුරා 50gm බැගින්වූ ටින් 175ක් තිබී ඇත.
පොලීසිය සදහන් කලේ මෙම මත්ද්‍රව්‍යය සෞඛ්‍යය අමාත්‍යයංශය විසින් තහනම් කල මත්ද්‍රව්‍යයක් බවත් SVS මත්ද්‍රව්‍යය ගෙන්වන්නට ඇත්තේ ඉන්දියාවෙන් බවත්ය.
අත්අඩංගුවට ගත් සැකකරැ ප්‍රශ්ණ කිරීමේදී පවසා ඇත්තේ ඹවුන් මේවා කොළඹ ප්‍රදේශයේ සිට බගවන්තලාව ප්‍රදේශයට ගෙනගොස් ඇති බවත් ඹවුන් මෙම මත්ද්‍රව්‍යය විකිණීම ඉලක්ක කරගෙන ඇත්තෙ පාසැල් ළමුන් හා එම ප්‍රදේශ වල පතල් වල වැඩ කරනා සේවකයන් බවත්ය.
සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කර ඇත.මොහු බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකාරයෙකු වෙයි.