Jul
31
රාජ්‍යය අංශ නිලධාරීන්ට සහන පදනම යටතේ මෝටර් රථ ලබාදීම නැවතත් ක්‍රියාත්මකයි

මුදල් අමාත්‍යයංශය පවසන්නේ මෙවර රාජ්‍යය නිලධාරීන්ට බදු සහන ලෙස හිමි වන්නේ 50% පමණක් බවත් බලපත්‍ර වටිනාකම අැමරිකානු ඩොලර් 30000ක සීමාවට යටත් බවත් මෙම සහනය හිමිවන්නේ රාජ්‍යය සේවයේ නියුතු රාජ්‍යය නිලධාරී රාජ්‍යය සංස්ථා රාජ්‍යය ව්‍යවස්ථාපිත අායතන වැනි අායතන වල විධායක ශ්‍රේණි නිලධාරීන්ට හා විශ්ව විද්‍යාල කුලපතිවරු අාචාර්්‍යය අනධ්‍යන කාර්්‍යය මණ්ඩල විධායක ශ්‍රේණි නිලධාරීන්ට වේ මීට අමතරව මෙම බලපත්‍රය නීතීඥවරුන්ට හා වෙෙද්‍යය වරුන්ටද හිමිවේ.
පසුගිය 2010 වසරේ මෙම බලපත්‍ර නිකුත්කිරීමෙන් බදු සහන ලෙස රජයට රුපියල් බිලියන 143ක් අහිමිව අැත.ඒම කාලය තුල බලපත්‍ර 38000ක් නිකුත් කර තිබේ.ඒබැවින් මෙවර රජය නව චක්‍රලේඛයේ සහන හිමි නිලධාරීයාගේ සේවා කාලය රාජ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වසර 6ක සේවා කාලයක් සැපිරිය අතර රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා එම කාලය වෙනස් කර තිබේ.මෙවර සහනය යටතේ ලබාගත හැකි උපරිම බලපත්‍ර ගණන දෙකක් ලෙසත් පළමු බලපත්‍රය ලබාගත් පසු දෙවැනි බලපත්‍රයේ හිමිකම ලබාගත හැකි වන්නේ වසර 10කට පසුව බව මුදල් අමාත්‍යාංශය තීරණය කර අැත.