Jul
10
නිධන් හෑරූ 06 ක් අත්අඩංගුවට

ගෝමරන්කඩවල තාවුල්වැව රක්ෂිතයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් 6ක් අත් අඩංගුවට ගැනීමට ගොමරන්කඩවල පොලීසිය 8 වනදා සමත්ව ඇත.සැකකරුවන් ළඟ තිබී කැනීම් උපකරණ මෙන්ම පූජා භාණ්ඩ කිහිපයක් ද අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝමරන්කඩවල, ගලෙන්බිදුණුවැව, ඌරාපොළ ප්‍රදේශවල පදිංචි 28,36, 40 සහ 56 හැවිරිදි වයස්වල පසුවන සැකකරුවන් පිරිසක්.
අත් අඩංගුවට ගත් සැකකරුවන් එදිනම(8) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරි පත් කිරීමෙන් අනතුරුව 2016.07.18 දක්වා රක්ෂිත බන්ධනා ගාර ගත කර ඇත.
ගොමරන්කඩවල පොලීසිය මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.