Jul
25
එංගලන්තයෙන් ඇවිත් වයලින් ගසමින් හිගමන් ගිය කත ඇල්ලේදී අල්ලයි
එංගලන්තයේ සිට පැමිණ මුදල් හිගමනේ ගිය විදෙස් තරුණියක් ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුව ගෙන තිබ්‍ෙ. මෙම තරුණිය එංගලන්ත ඕක්ස්ෆර්ඩ් සමර් ටවුන් නගරයේ පදිංචි කාරියක් ව්‍ෙ. විසි හතර හැවරිදි මෙම තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ (24) වනදා ඇල්ල ප්‍රදේශයේ වයලිම් ගසමින් මුදල් හිගා කමින් සිටි අවස්ථාව්ෙදීය.
මෙම තරුණිය ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 8 වනදාය. අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම් වලදී ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ එදිනෙදා වියදම් සදහා අවශ්‍යය මුදල් හිග බැවින් මෙලෙස වයලින් වාදනය කර මුදල් උපයාගත් බවයි.
ලංකාව්‍ෙ නීතිය අනුව විදේශිකයන්ට අවසරයකින් තොරව ලංකාව්‍ෙ රුකියා වල නිරත වීමට නොහැකියි. එමෙන්ම හිගා කෑම 1948 අංක 20 දරන ආගමන විගමන පනතෙන් තහනම් කර ඇත. අදාල තරුණිය තරයේ අවවාද කර පොලීසිය විසින් මුදාහැර ඇත.