Jul
02
‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටයට නඩු වෑටුන කතාවේ ඈත්ත මෙන්න

කියාදීමේ චිත්‍රපටයකට
විරෝධය දැක්වීම පිටුපස
සැබැවින්ම සිටින්නේ කවුද?
“ ආදරණිය කථාවක් ” චිත්‍රපටයේ මූලික තේමාව ලෙස අප යොදාගත්තේ දුම්වැටි සහ මධ්‍යසාර භාවිතයෙන් විනාශ වී යන තාරුණ්‍ය ගැනයි. එහිදී මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අභිමාන (හේමාල් රණසිංහ) අධික ලෙස දුම්වැටි සහ මධ්‍යසාර වලට ඇබ්බැහි වූ තැනැත්තෙකි.
ඒ වනවිට රටේ ජනප්‍රිය චරිතයක් වන ඔහු ටිකෙන් ටික ඔහුගේ ජීවිතය විනාශ මුඛයට පත් වන්නේ දුම්වැටි සහ මත්පැන්වල ප්‍රතිඵලයක් බව ඉතා සංවේදීව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරමිනි. එහි ආදීනව නැවත නැවතත් හිතන්නට ඉඩ සලසාදී චිත්‍රපටය අවසන් කරයි. ප්‍රදර්ශනය අරඹා ඉතා කෙටි කලක් ගත වී ඇති මේ මොහොත වනවිට චිත්‍රපටය නැරඹූ ලක්ෂයකට අධික ප්‍රේක්ෂක ජනතාව මෙම කාරණය තෙත් වූ දෑසින් යුතුව කරන ප්‍රකාශවලින් තව දුරටත් සනාථ කරයි.
එබැවින් දුම්වැටි සහ මත්පැන් විරෝධි මෙවැනි “ආදරණීය කතාවක් ” වැනි චිත්‍රපටයකට අකමැති වන්නෝ කවුරුන්ද? දුම්කොළ ආශ්‍රිතව නිෂ්පාදනය කරන සමාගම්, කූට මත්පැන් වෙළෙන්දන් සහ ඔවුන්ගේ මුදල් වලින් යැපෙන පහත් පෙළේ නිළධාරින්ම නොවන්නේද? එම කාරණය තීරණය කරන්නට ඔබටම බාර කරමු? ඒ අතර මේ වසරේ තිරගත වූ ද්‍රවිඩ චිත්‍රපට (දනුෂ් රඟන මාරි නමැති චිත්‍රපටය, විජය රඟපෑ තේරී චිත්‍රපටය ඇතුළු සියළුම වාගේ ද්‍රවිඩ චිත්‍රපට) සහ බටහිර චිත්‍රපටවල පෙන්වන විලාසිතාවන් ලෙසින් දුම්වැටි, සහ මත්පැන් පානය කරන දර්ශන විශාල වශයෙන් ඇතුලත් වී තිබුණි. එහෙත් මේ වන විටත් එවැනි කිසිම චිත්‍රපටයකට මෙවන් කිසිදු අධිකාරියක් කුමන හෝ විරෝධතාවයක් දක්වා නොමැත. ඔවුන්ගේ ඇස්කන් එම චිත්‍රපට අභිමුවේ අන්ධ වී හෝ ගොළු වී ගියේ කෙලෙසද? එසේ තිබියදී “ ආදරණිය කතාවක් ” චිත්‍රපටය සමඟ සියළු නිද්‍රාශීලිභාවය ගිලිහී එකවර කුලප්පුවූවේ මන්දැයි දැන් නොරහසකි. ඒ පිටුපස ඇති අදිසි අස්තයන් කාගේදැයි ඔබට සිතාගත හැකි නොවේද? එම කරුණු කෙසේ වෙතත් “ ආදරණීය කථාවක් ” චිත්‍රපටය ප්‍රදර්ශනයට අප මුදාහරින්නේ නීත්‍යානුකූලව සහ විධිමත් අයුරිනි. ඒ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාදෙන රජයේ එකම බලය වී තිබෙන මණ්ඩලය වන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට චිත්‍රපටය පෙන්වා, එම මණ්ඩලය විසින් ලබාදුන් අසීමිත මහජන ප්‍රදර්ශනය සඳහා සුදුසුය යන සහතිකය ලබා ගනිමිනි. එම මණ්ඩලය විසින් කිසිදු දර්ශනයක් මහජන ප්‍රදර්ශනයට නුසුදුසු යනුවෙන් සඳහන් නොකරන ලදි.
එබැවින් මෙම චිත්‍රපටය සියළුම දෙමවිපියන් තම දූ දරුවන්ට පෙන්විය යුතු චිත්‍ර පටයක් යැයි අප එකහෙලා ප්‍රකාශකර සිටින්නේ තරුන පරපුර විශාල වශයෙන් ගොදුරු වන දුම්වැටි හා මත්පැන් භාවිතයෙන් වන ආදීනව ගැන අප සෘජුවම හා සංවේදීව පෙන්වාදුන් නිසාවෙනි. ඒ වගේම මහජනතා ප්‍රසාදයට ඉතා සීඝ්‍රයෙන් දිනාගෙන සිටින මේ මොහොතේ එමකූට ව්‍යාපාරිකයන්ට හා තුච්ච නිළධාරීන්ට ඕනවී ඇත්තේ චිත්‍රපටයට එන ජනතාවගේ ආකර්ශනය වෙනත් අතකට හැරවීමටයි. නමුත් එය ඉතා අසාර්ථක හා නිහීන ක්‍රියාවක් ලෙස අප හෙලා දකිමු.
එම නිසා මෙවැනි රැවටීම්වලට ලක්නොවී ඔබේ පවුලේ සියළු සාමාජිකයන් සමඟ එකට සිට නැරඹිය හැකි ආදර්ශමත් චිත්‍රපටයක් ලෙස ඔබම නරඹා ඔබම තීරණය කරන්න,
