Jul
18
වැටලීම් වලින් පාලන මිලට වැඩියෙන් භාණ්ඩ විකුණූ වෙළදුන් 200කට නඩු
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සිදුකළ වැටලීම් වලින් පාලන මිලක් රජය නියමකර ඇති භාණ්ඩ වැඩි මිලට විකුණූ වෙළදුන් 200කට අධික
පිරිසක් කොටුවී ඇත.පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සිදුකළ වැටලීම් වලින් මෙම පිරිස හසුවී ඇත්තෙත් කොළඹ හා ගම්පහ යන ප්‍රදේශ වලින්ය. නිලධාරීන් විසින් මෙම ප්‍රදේශ වල වෙළදසැල් 500ක් පමණ වටලා ඇත.
සමස්ථ ලංකා අත්‍යාවශය ආහාර ද්‍රව්‍යය තොග හා සිල්ලර වෙළදුන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ නව තත්වය හේතුවෙන් ඉදිරියේ වෙළදපොළට බාල තත්වයේ ආහාර ද්‍රව්‍යය පැමිණීමේ ඉඩකඩ ඇති බවයි. ඉදිරි දින වල පාරිභොගික කටයුතු පිළිබද අධිකාරී වැටලීම් අංශ නිලධාරීන් වෙළදසැල් වල ඇති ප්‍රමිතියෙන් බාල හා පරණ පොල්තෙල් හා කොත්තමල්ලි වැනි ද්‍රව්‍යය වෙළදාම් කරනා වෙළදුන් සොයාද වැටලීම් පවත්වනා බවට පැවසීය.
අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍යය තොග හා සිල්ලර වෙළදුන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා කෑගල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍යය හමුවේදී පැවසූයේ සීනි,කඩල,හාල්මැස්සන් හා පරිප්පු වැනි ද්‍රව්‍යය සදහා පාලන මිලක් නියමකිරීමෙන් වෙළදුන්ට ඉතා අවාසි සහගත බවයි.