Jun
29
රාජගිරියේ අනතුරට ඇමති චම්පික අදාළ නෑලු
රාජගිරියේ රිය අනතුරට චම්පික
සැකකරුවෙක් නොවේ - අධිකරණය
පසු ගිය දිනෙක රාජගිරියේ ඇතිවූ රිය අනතුර සම්බන්ධයෙන් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැනුම්දී තිබේ.
කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද තම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ අමාත්‍යවරයා සැකකරුවෙකු ලෙස නම්කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පොලීසිය විසින් අධිකරණයට දන්වා ඇති බවයි.
අදාළ රිය අනතුර සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථය පදවා ඇත්තේ තුසිත කැලුම් කුමාර නමැති රියදුරු බව පොලීසිය විසින් තහවුරු කරගෙන ඇතැයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
තමාට බලය ඇත්තේ ඉදිරිපත් කරන කරුණු අනුව තීන්දුව ලබාදීමට මිස සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට හැකියාවක් නොවන බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
එසේම තමා මෙම තීන්දුව ලබාදෙන්නේ කිසිවෙකුගේ තරාතිරම බලා නොව සාමාන්‍ය පටිපාටියට අනුව බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළේය.
ඉකුත් පෙබරවාරි මස 28 වන දින රාත්‍රීයේ රාජගිරිය,ජානාධිපති විද්‍යාලය ආසන්නයේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ජීප් රථයක් හා ඇංජින් ධාරිතාව 1000ක් වූ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
අනතුර සිදුකළ බව කියන ජීප් රථය පදවාගෙන යනු ලැබුවේ අමාත්‍ය පාඨලී චම්පික රණවක බවට පිරිසක් විසින් චෝදනා කරනු ලැබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා කියා සිටියේ එය තමාගේ රියදුරෙකු විසින් පදවා ඇති බවයි.